දැන් තිබෙන නිවුමෝනියාවට බෙහෙත් නොදී වසර දහයකින් හැදෙන හෙම්බිරිස්සාවට බෙහෙත් හොයල වැඩක් නැහැ (VIDEO)

Date:

2023 වසර සඳහා මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය වාර්තාව තුළ වර්තමානයේ පවතින ආර්ථික ප්‍රශ්නයට විසඳුම් දී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

ඒ, අද (16) නිදහස ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

අද පවතින නිවුමෝනියාවට බෙහෙත් නොදී වසර දහයකින් පමණ හැදෙන හෙම්බිරිස්සාවට බෙහෙත් හොයා පලක් නැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සංකල්පයක් ලෙස දීර්ඝ කාලීන සැලසුම් සඳහා අයවැය තුළ හොඳක් පැවතියද මේ මොහොතේ ප්‍රායෝගික ප්‍රශ්නයට එමඟින් විසඳුම් දී නැති බවත් විපක්ෂයක් ලෙස මෙයට විරුද්ධ විය යුතු බවත් හෙතෙම අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...