කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෛනික මාධ්‍ය හමුව සති දෙකක පමණ කාලයක් නොපැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ආර්ථික බංකොලොත්භාවයට රාජපක්ෂවරු ඇතුළු නිලධාරී කණ්ඩායමක් වගකිවයුතු වන බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු පක්ෂයක් ලෙසත් විශාල අපහසුතාවකට පත්ව සිටින අතර මාධ්‍යය විසින් නගන ප්‍රශ්නවලට මුහුණ දීමට නොහැකි වීම උක්ත තීරණයට හේතුව වී ඇති බව සඳහන්.
එම නිසා තත්ත්වය යම් දුරකට හෝ සමනය වන තෙක් නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුව තාවකාලිකව සති දෙකක පමණ කාලයකට නතර කිරීමට තීරණය කර තිබෙන බවයි කියවුණේ.
ASK
