ඇති හැකි අයගේ දරුවන් රටින් පිටමං වුණා, රට මානව කාන්තාරයක් වුණා – චම්පික කියයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසික බවත්, සත්‍ය වශයෙන්ම රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියා සිටී.

ඔහු ඒ පිළිබඳ වැඩිදුරටත් පැවසූවේ,

“මේ රටේ ජනතාවගෙන් සියයට 99.9 ක්ම ඡන්දය පාවිච්චි කිරිම හැර මේ රට බංකොලොත් වීමට දායක වෙලා නැහැ. ඒ ජනතාවට රට බංකොලොත් වීම නිසා සිද්ධ වුණේ බරපතළ අයුක්තියක්. දරුවන්ට කිරි ටික, පාසල් අධ්‍යාපනය නැති වුණා, වැඩිහිටියන්ට කන්න ටික, බෙහෙත් ටික නැති වුණා. ගොවියන්ට පොහොර ටික නැති වුණා. කර්මාන්ත කඩා වැටීම වැනි බොහෝ බරපතල සිදුවීම් සිදු වුණා. රටේ වෘත්තීයවේදීන් ආචාර්යවරු, මහාචාර්යවරු, වරලත් ඉංජිනේරුවරුන්, දොස්තරවරු දහස් ගණනින් රට හැර ගියා. ඇති හැකි අයගේ දරුවන් රටින් පිටමං වුණා. රට මානව කාන්තාරයක් වුණා. මේ මහා අපරාධය ට සම්බන්ධ වගකිවයුත්තන් කවුද කියන එක ගැන මහා විවාදයක් පසු කාලෙක ගොඩ නැඟුණා. සමහරු කියනවා යහපාලන කාලයේ ගත්ත ණය නිසා කියලා. සමහර අය කෝවිඩ් වසංගතය නිසා රට බංකොලොත් වුණා කිව්වා. ඒ වගේම අරගලය නිසා රට බංකොලොත් වුණා කියන කණ්ඩායමක් හිටියා. දැන් මේ සියලු දෙනාටම නඩු තීන්දුව මගින් උත්තරයක් දීලා තියෙනවා.” යනුවෙනි

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...

කුමුදු කුමාරසිංහගේ නවකතාවක් සහ කෙටිකතා පොතක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ලේඛිකා කුමුදු කුමාරසිංහ විසින් රචිත කෘති ද්විත්වයක් දොරට...