අදත් IUSF විරෝධතා මධ්‍යයේ කඳුළු ගෑස් ප්‍රහාර!

Date:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් වහා නිදහස් කරගැනීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට මැදිහත් වන්නැයි බල කර අද(18) බෞද්ධාලෝක මාවතේ පිහිටි එම කාර්‍යාලය ඉදිරිපිට දී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විනි.

මෙම විරෝධතා උද්ඝෝෂණය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන මඟින් සංවිධානය කර තිබුනි.
වසන්ත මුදලිගේ සහ පූජ්‍ය සිරිධම්ම හිමියන් ත්‍රස්ත පනත යටතේ රඳවා තබාගෙන අදට දින 90 ක් වීමත්, නැවත රක්ශිත බන්ධනාගාර ගත කිරීමටත්, එරෙහිව මෙම විරෝධතාවය පැවැත්විනි.

එක්සත් ජාතීන්ගේ ඉදිරිපිට රැස්වූ විරෝධතාකරුවන් බැනර් ප්‍රදර්ශනය කරමින් සටන්පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වූ අතර පසුව පොලීසියවිරෝධතාකරුවන් බම්බලපිටිය මංසන්දිය දක්වා විසුරුවා හැරියේය.

පසුව විරෝධතාකරුවන් කොළඹ දෙසට ගමන් කර ඩුබ්ලිකේශන් හරහා අගමැති ලේකම් කාර්‍යාලය දෙසට පාගමනින් පැමිණෙද්දී අගමැති ලේකම් කාර්‍යාලයඉදිරිපිට දී පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විරෝධතාකරුවන් පලවා හරින ලදී.

අවසානයේ විරෝධතාකරුවන් කිරුලපන සිට පැමිණි පෙලපාලිය සමග එකතුවී හෝටන් පාර හරහා බොරැල්ල දෙසට ගමන් කරද්දී පිටුපසින් පැමිණි ජලප්‍රහාරක රථයකින් නැවත ජල ප්‍රහාරයක් එල්ල කෙරුන අතර ස්ථාන කීපයකදී ම මෙලෙස ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරුණි.

ජල ප්‍රහාරයත් සමග විරෝධතාකරුවන් නැවත එකතුවී බොරැල්ල වැලිකඩ අසලට ගමන්කොට විරෝධතාවය අවසන් කළේය.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...