ගාසා තීරයට ආහාර රැගෙනගිය ලොරි රථ 109ක් කොල්ලකයි – UN

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් ලොරි රථ 109ක ප්‍රමාණයක් ගාසා තීරයේදී ප්‍රචණ්ඩ ලෙස කොල්ලකා ඇති බව පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය (Unrwa)සඳහන් කර තිබේ,

මෙම ලොරි රථ ඊශ්‍රායල පාලනය යටතේ පවතින කෙරම් ෂාලෝම් හරහා දකුණු ගාසා තීරය හරහා ගමන් කරමින් තිබියදී රියදුරන්ට තුවක්කු පෙන්වා පැහැරගෙන ඇති අතර සිද්ධිය ඇසින් දුටුවන් රොයිටර් වෙත ප්‍රකශ කර තිබුණේ, වෙස්මුහුණු පැළඳගත් පිරිසක් අත්බෝම්බ විසිකර රථ පෙළට ප්‍රහාර එල්ල කළ බවයි.

Unrwa කොමසාරිස් ජනරාල් Philippe Lazzarini සඳහන් කර තිබුණේ, ගාසා හි සිවිල් සාමය සම්පුර්ණයෙන්ම බිඳවැටී ඇති බවත්, මානුෂීය ආධාර මත යැපෙන මිලියන දෙකක ජනතාව සඳහා ආහාර හිඟය උග්‍ර වනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...