පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද (20)

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (20) දහවල් 12 ට පමණ, පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව , නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.

කෝප් කමිටුවේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව සඳහන් වේ.

නියෝජ්‍ය කතානායක සඳහන් කළේ , වත්මන් කෝප් කමිටුව අඛණ්ඩව පවත්වාගෙන යන්නේද නැත්නම් එය විසුරුවා ඒ සඳහා නව සාමාජිකයින් පත්කරන්නේද යන්න පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවය.

පසුගිය සිකුරාදා දින නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් නොපවත්වන බව කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර , ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් විමර්ශනයට අදාළව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සම්බන්ධයෙන් මතු වූ විවේචනාත්මක තත්ත්වය සැලකිල්ලට ගෙනය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...