කෙන්යාවේ ගංවතුරින් පවුල් 20,000 ක් අවතැන් , 10 දෙනෙකු මියගිහින්!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය දින කිහිපයක් පුරා නොනවතින අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව කෙන්යාවේ බලධාරීන් පවසයි.

වෙරළබඩ ප්‍රාදේශීය පොලිස් කොමසාරිස් Rhoda Onyancha ප්‍රකාශ කර ඇත්තේ, මොම්බාසා, කිලිෆි, ක්වාලේ සහ ටනා ගංගා ප්‍රාන්ත තුන හරහා පවුල් 20,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි.

පවතින අධික වර්ෂාවෙන් සහ ගංවතුරෙන් පසු නොවැම්බර් මස මුල සිට රට පුරා බොහෝ පිරිසක් මිය ගොස් දහස් ගණනක් අවතැන් වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් සෝමාලියාව සහ ඉතියෝපියාව ඇතුළු අසල්වැසි රටවල ද බොහෝ පිරිසක් මිය ගොස් ඇති බව එරට තොරතුරු සඳහන් කරයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...

මෝල්ඩෝවා සිට මෙරටට එන අමුත්තා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW : අනිද්දා(27)දින ශීත...

Chris Rea ගේ අමරණීය චරිතාපදානය! A life in pictures 

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ඇස් නිලංකාර වන සමාජ...