කෙන්යාවේ ගංවතුරින් පවුල් 20,000 ක් අවතැන් , 10 දෙනෙකු මියගිහින්!

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය දින කිහිපයක් පුරා නොනවතින අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව කෙන්යාවේ බලධාරීන් පවසයි.

වෙරළබඩ ප්‍රාදේශීය පොලිස් කොමසාරිස් Rhoda Onyancha ප්‍රකාශ කර ඇත්තේ, මොම්බාසා, කිලිෆි, ක්වාලේ සහ ටනා ගංගා ප්‍රාන්ත තුන හරහා පවුල් 20,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි.

පවතින අධික වර්ෂාවෙන් සහ ගංවතුරෙන් පසු නොවැම්බර් මස මුල සිට රට පුරා බොහෝ පිරිසක් මිය ගොස් දහස් ගණනක් අවතැන් වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් සෝමාලියාව සහ ඉතියෝපියාව ඇතුළු අසල්වැසි රටවල ද බොහෝ පිරිසක් මිය ගොස් ඇති බව එරට තොරතුරු සඳහන් කරයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...