රනිල්ට තවත් ලෙඩක් වැටෙයි. ජනාධිපතිවරණ සමයේ නිකුත් කළ මත්පැන් බලපත්‍ර ගැනත් නඩුවක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය ජනාධිපතිවරණ සමයේදී සුරාබදු පනතට පටහැණි ලෙස මත්පැන් අලෙවිසැල් බලපත්‍ර නිකුත් කිරීම තුළින් එවකට මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මහතා පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව තිබේ.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ මත්පැන් අලෙවි ව්‍යාපාරයක නිරත චාමර සම්පත් අබේසේකර සහ එන්. රවිචන්ද්‍රන් යන අය විසිනි.

හිටපු මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ, හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, අමාත්‍ය වසන්ත සමරසිංහ, අල්ලස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් 39 දෙනෙකු මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර ඇත.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ ජූලි මස 26 වනදා සිට ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැති සැප්තැම්බර් මස 21 වනදා අතර කාල සීමාව තුළ වගඋත්තරකරුවන් විසින් සුරා බදු පනතේ විධිවිධානයන්ට පටහැනි ලෙස මත්පැන්හල් බලපත්‍ර ගණනාවක් නිකුත් කර ඇති බවටත් ජනාධිපතිවරණයේදී සහාය ලබාගැනීමේ දේශපාලන යටි අරමුණකින් යුක්තව එවකට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඔවුන්ගේ ඥාති හිතවතුන් හා සමීප ආධාරකරුවන් වෙත මෙම බලපත්‍ර නිකුත් කර තිබෙන බවටත්, ඒවා නිකුත්කිරීමේදී සුරා බදු පනතේ විධිවිධානයන් මගහැර අත්තනෝමතික සහ අයුක්ති සහගත ආකාරයෙන් නිකුත් කර ඇති බවටත් පෙත්සමෙන් චෝදනා කර ඇත.

ඒ අනුව මෙම ක්‍රියාවලිය තුළින් සුරාබදු දෙපාර්තමේන්තුව තුළ නීති විරෝධී ක්‍රියාවන් හෝ අක්‍රමිකතාවයන් සිදු වී තිබේදැයි විමර්ශනයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි අල්ලස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...