ප්‍රවීණ රංගන ශිල්පී ඇල්ෆ්‍රඩ් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Date:

ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ ගුවන්විදුලි නිවේදකයකු වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා ඊයේ (20) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 93 වැනි වියේ පසුවිය.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිවේදකයකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ ඒ මහතා අතිශයින්ම ජනප්‍රියත්වය පත් වූ “විනෝද සමය” වැඩසටහනේ නිර්මාතෘවරයා මෙන්ම ආරම්භක නිවේදකයා ද විය.

චිත්‍රපට ගණනාවක රඟපෑ ඔහු ටෙලිනාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායකත්වය දක්වා තිබිණි.

එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එසැණ භාෂා පරිවර්තකයකු වශයෙන් ද දීර්ඝ කාලයක් කටයුතු කර ඇති ඒ මහතා පිලිපීනයෙහි වෙරිටාස් ගුවන්විදුලි සේවයෙහි සිංහල අංශය භාරව ද කටයුතු කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...

ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) ජාතික...

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : 2025 වසරේදී, විදේශ...

හිටපු ඇමති ජොන්ස්ටන්ට අයත් ඉස්කාගාරයකට සීල් තියයි !

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් රෝයල් ඩිස්ටිලරීස් (වයඹ...