ප්‍රවීණ රංගන ශිල්පී ඇල්ෆ්‍රඩ් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ ගුවන්විදුලි නිවේදකයකු වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා ඊයේ (20) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 93 වැනි වියේ පසුවිය.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිවේදකයකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ ඒ මහතා අතිශයින්ම ජනප්‍රියත්වය පත් වූ “විනෝද සමය” වැඩසටහනේ නිර්මාතෘවරයා මෙන්ම ආරම්භක නිවේදකයා ද විය.

චිත්‍රපට ගණනාවක රඟපෑ ඔහු ටෙලිනාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායකත්වය දක්වා තිබිණි.

එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එසැණ භාෂා පරිවර්තකයකු වශයෙන් ද දීර්ඝ කාලයක් කටයුතු කර ඇති ඒ මහතා පිලිපීනයෙහි වෙරිටාස් ගුවන්විදුලි සේවයෙහි සිංහල අංශය භාරව ද කටයුතු කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...

ලක් මාතාව රනින් බැබලවූ රුමේෂ් දිවයිනට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW: ජපානයේ අයිචි-නගෝයා හි පැවැති...

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...