කොළඹ මහා නගර සභාවට නැවතත් හිමිවුණු විහාරමහාදේවී උද්‍යානය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ මහා නගර සභාවට විහාරමහාදේවී උද්‍යානය නැවතත් පවරාදීමට අදාළ ගැසට් නිවේදනය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් නිකුත් කර ඇත.

විහාර මහා දේවී උද්‍යානය 2011 සැප්තැම්බර් මස 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නාගරික සංවර්ධන අධිකාරියට පවරාගනු ලැබූ අතර එතෙක් පැවතියේ කොළඹ මහා නගර සභාව සතුවයි.

සංවර්ධන කටයුතු සදහා පවරා ගනු ලැබූ අදාළ උද්‍යානය එම කටයුතුවලින් අනතුරුව, යළි කොළඹ මහ නගර සභාවට ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇති අතර, ඒ අනුව නැවතත් අක්කර 54ක විශාලත්වයකින් යුත් විහාරමහාදේවී උද්‍යාන භූමි ප්‍රදේශය කොළඹ මහ නගර සභාවට හිමිව ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිසිම රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකියි – චීනය

කොළඹ LNW: කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ...

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට නව ක්‍රමයක් !

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඉදිරියේදී ,...

ශ්‍රී ලංකා – ඉන්දීය යුද හමුදා දායකත්වයෙන් ගොඩනැගෙන බෙලිඋල්ඔය පාලම

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් දැඩි...

ජනවාරි 7 දිවයිනට එන ඉන්දීය අමුත්තා..

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ලබන ජනවාරි 7...