වෘත්තීය සමිතිවලට වැඩ නැතිවෙයිද?

Date:

කොළඹ LNW:ඉදිරියේදී වෘත්තීය සමිති සමඟ ඉතාම සුහද ගණුදෙනුවක් කිරීමට බලාපොරොත්තු වෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද (22) සිය ධූරයේ වැඩ භාර ගනිමින් පැවසුවේය.

ජනතාවගේ ප්‍රශ්න හොඳින් හදුනන,ප්‍රශ්නවලට විසඳුම් දිය හැකි ආණ්ඩුවක් පත්ව සිටින හෙයින් වෘත්තියස් අමිතිවලට ආණ්ඩුව සමඟ ඉතාම සුහද ලෙස කටයුතු කළ හැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

”වෘත්තීය සමිති සමඟ ඉතාම සුහද ගණුදෙනුවක් කරන්න බලාපොරොත්තු වෙනවා. මමත් වෘත්තීය සමිති නායකයෙක්. ඉදිරියේදී කිසි ප්‍රශ්නයක් නැහැ අපිත් සමඟ ඕනෑම ගැටළුවක් සාකච්ජා කරලා මේ අමාත්‍යාංශයේ පමණක් නෙවෙයි හැම අමාත්‍යාංශයයකම අමාත්‍යවරු,නියෝජ්‍ය අමාත්‍යවරු සමඟ සාකච්ජා කරලා ඕනෑම ගැටළුවක් විසඳා ගන්න පුළුවන් කියල අපි විශ්වාස කරනවා. මේ ආණ්ඩුව නියෝජනය කරනවා වෘත්තීය සමිති රැසක්.වර්තමාන ආණ්ඩුවේදී වෘත්තීය සමිති නායකයෝ හිටියද නැද්ද කියල අදාළ නැහැ රටේ ජනතාවගේ ප්‍රශ්න හොඳින් හදුනන ගැටළු ගැන අවබෝධයක් තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න පුළුවන් පාලනයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා වෘත්තීය සමිතිවලට අපේ ආණ්ඩුව සමඟ ඉතාම සුමට ලෙස ගණුදෙනු කරමින් ප්‍රශ්න ගැටළු විසඳා ගන්න පුළුවන්කම තිබෙනවා වෙනත් යටි දේශපාලන අරමුණු වලින් තොරව කටයුතු කරනවා නම්. ඔවුන්ගේ අරමුණ තිබෙන්නේ වැඩකරන ජනතාවගේ වෘත්තීය ගැටළු විසඳා ගැනීම නම් ඔවුන්ට කිසිම ගැටළුවක් මතුවෙන්නේ නැහැ. අපි දන්නවා දේශපාලන යටි අරමුණු එක්ක ආවම ප්‍රශ්න විසඳන්න බැහැ.” යනුවෙන් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...