*
Friday, April 26, 2024
spot_img

Latest Posts

පැලැස්තර වෙනුවට තිරසරව රට නගන හය මග මෙන්න ! – විපක්ෂ නායක සජිත් (VIDEO)

රට නිවැරැදි ගමනක් කරා ගෙන යාමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී විසදුම් 6ක් ඉදිරිපත් කරන ලදී. තොරතුරු සාක්ෂි සහ දත්ත නිවැරැදි ලෙස සභාගත කරමින් එම විසදුම් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව රදවා ගැනීමේ බද්ද සියයට 5 සිට 10 දක්වා වැඩි කිරීම තුළි රුපියල් බිලියන 90ක් වැඩි රාජ්‍ය ආදායමක් ලබා ගත හැකි බවත් එය තුළින් විශ්‍රමකයින්ට අසාධාරණයක් වන්නේ නම් උපයන පොලියට වැඩිපුර සියයට 1 සහනයක් ලබා දිය හැකි බවත් පැවසීය. මේ බදු ක්‍රමය සාධාරණ කළ හැකි අවස්ථාවේ දී වැඩ කරන ජනතාවට හානි වන ලෙස බදු වැඩි කර ඇති බවත් ඊට අදාළ දත්ත වාර්තා රැසක් හැන්සාඩ් ගත කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම බදු සහන ලබා දීම සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයාගේ අවධානය යොමු විය. උදාහරණයක් ලෙස සීනි බදු වංචාවේදී රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් විශාල හානියක් සිදු වී ඇති බැවින් බදු සහන ලබා දීමේ දී නිවැරදි තක්සේරුවක් සිදු විය යුතු බවත් පැවසීය. සීනි බදු වංචාවෙන් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 48ක් අහිමි වී ඇති බවත් එම වරද ඉදිරි සමගි ජන බලවේග රජයට තුළ නිවැරදි කර අහිමි වූ බදු ආදායම ලබා ගන්නා බවත් පැවසීය. තමන්ගේ ගජමිතුරන්ට සහන ලබා දී ජනතාව මත අධික බදු බරක් පැටවීම හෙලා දකින බවත් පැවසීය.

එමෙන් ම දුම්කොළ බද්ද ඇති කිරීමට සමහර දේශපාලනඥයන් සහ නිලධාරීන් අකැමැති බවත් ඔවුන් දුම්කොළ සමාගම්වලින් වාසි ලාභ ලබන බවත් මේ නිසා දුම්කොළ නිසා රාජ්‍ය බදු ආදායම අඩු වී දුම්කොළ සමාගම්වල ලාභ වැඩි වී ඇති බවත් පැවසීය. එබැවින් නිවැරදි බදු සුත්‍රයක් ක්‍රියාත්මක කළොත් මේ තුළින් රුපියල් බිලියන 63ක ලාභයක් ලැබිය හැකි බවත් ඒ තුළින් ආහාර උද්ධමනය පවා තුරන් කළ හැකි බවත් පැවසීය.

අද වන විට සියයට 70කට අධික උද්ධමන වේගය තුළ වැඩකරන ජනතාවගේ අර්ථසාධකයේ වටිනාකම අඩු වී ඇති බවත් පසුගිය කාලයේ අර්ථසාධකයේ කොල්ලකෑම් රැසක් ගැන අනාවරණය කළත් යුක්තිය ඉටු වී නොමැති බවත් මේ වංචාවලට හවුල් වූ අය නැවතත් මහබැංකු අධිපතිවරයා ලෙස පත් වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට සේවක භාරකාර අරමුදලේ මුදල් ව්‍යාජ සෞඛ්‍ය රක්ෂණයක් මාර්ගයෙන් උදුරා ගැනීමට උත්සාහ කරන බව පැවසීය. එම කටයුතු නිසා අහිමි වූ මුදල් සමගි ජන බලවේග රජයක් තුළ නැවත ලබා ගන්නා බවත් පැවසීය.

තවද ලෝක බැංකු වාර්තා අනුව දුප්පත් අයගෙන් සියයට 58කට සහනාධාර නොලැබෙන බවත් සියයට 20ක් පමණ පරිපාලන වියදම් යන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සදහා මහාචාර්ය දිලිනි ගුනවර්ධන මැතිනිය විසින් මේ සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව යි. ඒ අනුව රටේ විදුලි පාරිභෝජනය ඉලක්ක කර ගෙන අදාළ සහනාධාර ලබා දිය හැකි ක්‍රමයක් සකස් කළ හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙවැනි හොද වැඩපිළිවෙළක් තිබිය දී ආණ්ඩුව සමාජ ලේඛන සකස් කර මන්දගාමී වැඩකටයුත්තක් ක්‍රියාත්මක කර බව යි. මනෝමූලික වැඩසටහනකට වඩා විෂය මූලික වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කළ හැකි බවත් පැවසීය.

අප රටේ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම සදහා ප්‍රසූත නිවාඩු ලබා ගැනීමේ දී ලබා දෙන රාජ්‍ය ආයෝජනය වැඩි කිරීම කළ හැකි බවත් ඒ තුළින් දැවැන්ත ආර්ථික ශක්තියක් ඇති කර ගත හැකි බවත් පැවසීය.

සියලු සාක්ෂි තොරතුරු අධ්‍යයන සහ පර්යේෂණ සහිතව ඉදිරිපත් කරන මෙම යෝජනා තුළින රටේ ආදායම වැඩි කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජාත්‍යන්තර ආර්ථිකයේ ලොකු බංකොලොත්භාවයක් නොතිබුණත් අද වන විට අප රට බංකොලොත් වී මුදල් හිඟතාවකට සහ දැවැන්ත ආර්ථික අවපාතයකට මුහුණ දී ඇති බවත් මෙවැනි දැවැන්ත අර්බුධ අවස්ථාවක වත්මන් රජය තුළ සමාජ සම්මුතියක් හෝ ජනතා සම්මුතියක් නොමැති බවත් ඔවුන්ට ඇත්තේ රට බංකොලොත් කළ කණ්ඩායමේ 134ත් සමග වන සම්මුතියක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දූෂණය, ගජමිතුරුවාදය, විපත සහ විනාශය යන දෑ මූලික කර ගත් නිසා මේ තත්ත්වය තවත් දරුණු වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ දින ගණනාවක් බදු ගෙවන ජනතාවගේ මුදල් වැය කර අයවැය විවාදයක් සිදු කරන බවත් ය. තොරතුරු නොදැන එය අදුරේ අත පත ගෑමක් බවත් රජය අදාළ තොරතුරු ලබා දීමට අපොහොසත් වී ඇති බවත් විධායකයට මුක්කු ගහන පාර්ලිමේන්තුවේ අතකොලුවන් විසින් තමන්ට අවැසි ආකාරයට පාර්ලිමේන්තුවෙන් තොරතුරු වසන් කර ලක්ෂ 220ක් වූ ජනතාවගෙන් තොරතුරු වසන් කර දේශපාලන ඩීල් සිදු කරමින් සිටින බව පැවසීය.

ඔවුන් ගජමිතුරුවාදය ක්‍රියාත්මක කරමින් මහා විනාශයකයට විපතකට පත් කරන දේශපාලන ඩිල් එකක් ක්‍රියාත්මක කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපතිවරයා සභාවට ඉදිරිපත් කළ අයවැය කතාව පිළිබඳ දෙස බැලීමේදී වර්තමාන රජයේ මූල්‍ය කළමනාකරණය තුළ දැඩි පරස්පරතා රැසක් ඇති බවත් පැවසීය.

අයවැය තුළ පරිසර හිතකාමී, නව තාක්ෂණික ආර්ථික ක්‍රමයක් ගැන කියූවත් එය ක්‍රියාත්මක කරන සංඝටක සඳහා බදු පිට බදු ගසා ඇති බවත් මේ සියලු කරුණු අතර පරස්පරතා ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙය රටට ඵලදායී නොවන අයවැයක් බව යි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan