*
Friday, April 26, 2024
spot_img

Latest Posts

මිහින්තලේ, ඓතිහාසික ගලේ පන්සලේ සිරි ආරියවංශ දහම්පාසල් සිසුන් ආරම්භ කළ ආහාර බැංකුව!

ආහාර හුවමාරු ක්‍රමය අතීත ගැමි සංස්කෘතිය තුළ තිබූ ගුණාංගයකි. එනම් හේනේ, කුඹුරේ හෝ තම ගෙවත්තේ හැදෙන භෝගයන්හි අතිරික්ත නිෂ්පාදනය තවත් අයෙකුට දී තම නිවසට අවශ්‍ය භෝගයක් ඉල්ලා ගැනීමයි. එවැනිම ක්‍රියාදාමයක් සිරි ආරියවංශ දහම්පාසලේ සිසු දරු දැරියන් විසින් සිදු කරනු ලබයි. මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහකනදරාව යාය 01 වසමේ ඓතිහාසික ගලේ පන්සලේ මෙම දහම් පාසල පිහිටා ඇත. පසුගියදා, එම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා මිහින්තලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී මොරවක ආනන්දවංශ ස්වාමීන් වහන්සේ සහ මිහින්තලේ සහකාර ප්‍රාදේශීය ලේකම් එම්.එම්.කේ චන්ද්‍රගුප්ත මහතා සහභාගී විය.

දහම්පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය මාතලේ විජිතවංශ හිමියන් සඳහන් කළේ මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය පෙර රජ දවසේ පටන් පැවති සම්ප්‍රදායක් බවයි. මේ වන විට රටේ පවතින, ළමා මන්දපෝෂණ තත්ත්වයන්, දරිද්‍රතාවය, ආහාර හිඟය හේතුවෙන් මෙම ක්‍රියාවලිය අත්‍යාවශ්‍ය අංගයක් වී ඇති බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ . එමෙන්ම මෙම වැඩසටහන තුළින් ගමේ සත්‍ය ලෙසම ආහාර හිඟයට මූණ දී ඇති පිරිස් හඳුනාගැනීමට හැකියාවක් ලැබෙන බවත් ඒ තුළින් ඔවුන්ට සහයෝගයක් ලබා දීමට හැකියාවක් ලැබෙන බවත් උන්සවහන්සේ වැඩි දුරටත් පවසා සිටියා. දරුවන් අතර අන්‍යොන්‍ය සහයෝගය වර්ධනය කිරීම සඳහාත්, දරුවන් වගාවට යොමු කිරීම සඳහාත් මෙම ක්‍රියාවලිය උදව්වක් වන බව උන්වහන්සේ ගේ අදහසයි.

දරුවන් තුල බෝග වැවීමට, ආහාර සුරක්ෂිත කර ගැනීමට, ආහාර බෙදා ගැනීමට මෙන්ම කරුණාව, දයාව වැනි ගුණාංග පෝෂණය විමට මෙබඳු ක්‍රියාදාමයන් අත්‍යවශ්‍ය වේ.

එම අවස්ථාවට සහභාගී වූ මිහින්තලේ සහකාර ප්‍රාදේශීය ලේකම් එම්.එම්.කේ චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ මෙය අපේ පැරණි සංස්කෘතියේ තිබූ අංගයක් බවත් දහම්පාසලත් සමග සසඳා බැලූ කල මෙය එක්තරා අයුරකින් දන් දීමක් ද වන බවයි. දරුවන් අතර සමානාත්මතාවය ඇති කිරීමට මෙය ආදර්ශයක් බවත්, ආකල්ප සංවර්ධන කළ යුත්තේ දරුවන් තුළින් බවත් සහකාර ලේකම්වරයා කියා සිටියා. මේ හරහා දරුවන් තුළ දන්දීම, අනෙකාගේ දුක තේරුම් ගැනීම වැනි ගුණාංග වර්ධනය වන බවත් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අනෙකුත් දහම් පාසල් තුළත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන බවත් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් වැඩි දුරටත් පැවසී ය.

සිරි ආරියංශ දහම්පාසලේ මේ වන විට සිසු දරු දැරියන් 141 දෙනෙක් දහම් අධ්‍යාපනය ලබයි. එම දරුවන් සියලු දෙනාම පාහේ තම නිවෙස් වලින් කුමන හෝ භාණ්ඩයක් රැගෙනවිත් ආහාර බැංකුව වෙත ලබා දෙන අයුරු දැකගත හැකි විය. පවතින ආර්ථික දුෂ්කරතාවන් හමුවේ එහ එක්තරා අයුරකින් එම ප්‍රදේශයේ පවුල් වෙත සහනය ගෙන දෙන ක්‍රියාවලියකි. විහාරස්ථානයේ දායක සභාව 200ක් පමණ වේ. මෙම ආහාර බැංකුවෙන් ගමේ පවුල් වලට තම නිවසේ ඇති යම් අහාර ද්‍රව්‍යයක් රැගෙන යන අතර ඔවුන් පැමිණෙන විට තම නිවසේ ඇති කිසියම් ද්‍රව්‍යයක් ආහාර බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන එයි.

මෙම අවස්ථාව සඳහා මහකනදරාව යාය 01 වසමේ සංවර්ධන නිලධාරිනී ඩබ්.එම්.එස්.ටී දමයන්ති, ග්‍රාම නිලධාරී ගිහාන් මාතර ආරච්චි ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

තිසර සමල්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan