පාර්ලිමේන්තුවේ කෑම ගන්නෙ නෑ, වාහන ගන්නෙ නෑ කියලා අපි කවදාවත් කියලා නෑ – බිමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාර්ලිමේන්තුවේ ආහාර වේල නොගන්නා බවට හෝ රජයේ වාහන භාවිතයට නොගන්නා බවට තම පක්ෂයේ කිසිවෙකු ප්‍රකාශ කර නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.

ප්‍රශ්නය – හර්ෂ ද සිල්වා ඊයෙ පෙරේදා මාධ්‍ය හමුවක් තියලා කෑම ප්‍රශ්නය ආපහු ඇදලා ගත්තා ?

“රට කාපු කට්ටියනෙ ඒගොල්ලො. ඉතාම පහත් තත්වයට මේ ප්‍රශ්නය ගෙනියන්න උත්සාහ කිරීම වැරදියි. දැන් උත්සාහ කරනවා අපි ප්‍රකාශ කළායි කියලා පාර්ලිමේන්තුවෙ කෑම එක ගන්නෙ නෑ, වාහනයක් ගන්නෙ නෑ කියලා. නෑ, නෑ … අපි එහෙම කියලා නෑ. අපි තමයි 2000 ඉඳලාම – අපි පාර්ලිමේන්තු යනකොට මට මතක විදියට දවල් කෑම එකක් රුපියල් 15 යි – අපි තමයි පළමු වතාවට යෝජනා කළේ මේ කෑම මිල සාමාන්‍ය වෙළඳපොල වටිනාකමට ගේන්න කියලා”

අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 23) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...