මධ්‍යම ආසියාව ජයගන්න 23 න් පහළ වොලිබෝල් හපන්නු තේරීම දෙසැම්බර් 5 දා

Date:

අවුරුදු 23 න් පහල ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම තේරීමේ පරීක්ෂණය 2022 දෙසැම්බර් 05 දින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් කොළඹ ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම තේරීම සිඳු කරන්නේ මධ්‍යම ආසියානු අවු. 23 න් පහල පිරිමි වොලිබෝල් තරඟාවලිය ඉලක්ක කර ගනිමින්ය.

මෙම තේරීම් සඳහා 2022 දෙසැම්බර් 01 වන දිනට වයස 23 ට අඩු ක්‍රීඩකයන්ට පමණක් ඉදිරිපත් විය හැකි බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දන්වා සිටියි. මෙම තේරීම් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට කැමති ක්‍රීඩකයින් 2022 දෙසැම්බර් 05 දින පෙ.ව. 8.00 ට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් කොළඹ ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයට වාර්තා කළ යුතුය. 0112669344 සහ 0777256118 යන දුරකතන අංක අමතා .වැඩි විස්තර ලබා ගැනීමේ හැකියාව ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...