ශක්තිය තියෙනවා නම් වයස අදාළ නැහැ -කලකට පසු ජෝන් (VIDEO)

Date:

මේ වන විට තමන් ජනාධිපති උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන නමුත් බලාපොරොත්තු වන්නේ ආණ්ඩුකාර ධූරයක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන ජෝන් අමරතුංග මහතා පැවසුවේය.

ඒ, අද (25) කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව රටේ වත්මන් දේශපාලන තත්ත්වය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආණ්ඩුකාර ධූර ලබාදෙන බවට ප්‍රචාරයක් පැතිර තිබුණද තවමත් ඒවා ලබාදීමට කටයුතු කර නැතත් ලබන මාසයේදී ඒවා ලබා දෙනු ඇති බවයි අමරතුංග මහතා සඳහන් කළේ.

රටේ පවතින ප්‍රශ්න විසඳිය හැක්කේ වත්මන් ජනාධිපතිවරයාට පමණක් බවද ඔහු කියාසිටියේය.

කෙසේවෙතත් ගියවර ජන්දයේදී සියල්ල අහිමි වූ නමුත් නැති වුණු සියල්ල නැවත ලැබී ඇති බවත් ඒ ගැන සිතා ගැනීමටවත් නොහැකි බවයි ඔහු පැවසුවේ.

”මම තමයි ජාතික ලයිස්තුවේ එකට හිටියේ. ඒත් අද වෙද්දී ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුවේ තනතුර අරගෙන ජනාධිපති වුණ එක අපට ලොකු ධෛර්යයක්. නැත්නම් එක්සත් ජාතික පාක්ෂිකයෝ හැටියට අපට යන එන මඟක් නැතුව යනවා.” යනුවෙන්ද ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...