වලව කලාපයේ ගොවීන්ට සුබ ආරංචියක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW) : හෙට (26) සිට යල කන්නයේදී වැඩිම වගා හානි වන්දි වාර්තා වූ වලව කලාපයේ ගොවීන්ට වන්දි මුදල් ප්‍රදානය අරඹන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, වලව – මහවැලි කලාපයේ වගා හානි සිදු වූ ගොවීන් 1030 දෙනකුට සංකේතාත්මකව වන්දි මුදල් ප්‍රදානය ඇඹිලිපිටිය ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත අතර, වලව කලාපයේ වගා හානි වන්දි සඳහා රුපියල් මිලියන 328ක් වෙන් කර ඇති අතර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මෙම මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු යොදා ඇත.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ,
වලව කලාපයට අයත් මුරවැසිහේන, මයුරපුර, කිරිඉබ්බන්වැව, චන්ද්‍රිකා වැව සහ අඟුණකොළපැලැස්ස ගොවි ජනතාවට මෙහිදී වන්දි මුදල් පිරිනැමෙන අතර, හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය බැගින් වන්දි දෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...