රැඩිකල් ව්‍යාපාර දියවී යන්නේ මර්දනය තුළදී නොවේ ….

( ගැඹුරු දර්ශනයක් නැතිනම් පීඩතයා පාලකයා වුවද ඒ පීඩිතයාම පෙරලා පීඩකයෙකු වේ – පාවුලෝ ෆ්‍රයරේ )

කරුණා අම්මාන් කියන්නෙ එල්.ටී.ටී.ඊ එකේ සන්නද්ධ නායකයා, ඒ වගේම තද විනයක් සහිතව එල්.ටී.ටී.ඊ. ය වෙනුවෙන් කාලයක් තිස්සෙ සටන් කරපු කාඩර් කෙනෙක්..

ඔහුගේ සටන්කාමි අස්තානය දියවෙන්ට පටන්ගත්තේ සාම සාකච්ඡාවලට සහභාගී වෙන්ට කැලෙන් එළියට ඇවිත් මේ දූපතෙන් එහාට ගිහින් ඒ ඒ රටවල්වල ලොකු ලොකු හෝටල්වල නතරවෙලා ඉඳලා ඒ රටවල්වල නිදහස් සුඛෝපභෝගී ජීවන රටාව එයාට දැනුනට පස්සෙ ..

ඊට පස්සෙ මෙතෙක් ගතකරපු දෘඩ දුෂ්කර දිවිපෙවෙතට එරෙහිව පහසු ජීවිතයක අපේක්ෂාවන් ඔහුගේ අභ්‍යන්තරය තුලම කැරළිගහන්ට පටන්ගත්ත … අන්තිමේදී කරුණා නතර උනේ හත්මුතු පරම්පරාවම පවාදීලා අන්තිමේදී තමනුත් විගඩමක් වෙලා..

මෙතෙක් ජ..වි.පෙ. කියන්නෙත් මේ රටේ දුෂ්කර ජීවිත ගතකරන මිනිස්සු සමඟ පැවතුන හා ඔවුන්ගෙන් යැපුන සහ ඔවුන් සමඟ සටන් කරපු දේශපාලන ව්‍යාපාරයක්.. නමුත් රාජ්‍ය බලය අභිමුඛ වීමත් සමඟ තත්වයන් වෙනස්වී පෙර තිබු ජනතා හිතවාදී ගුණයන් නොදැනීම දියවී යෑමේ යම් අවදානමක් ද ඔවුන්හමුවේ පවතී..

දැන් ඔවුන්ට ආරාධනාවන් ලැබෙන්නේ ගොවීන්ගෙන් කම්කරුවන්ගෙන් වෘතිකයන්ගෙන් නොවේ. දැන් ඔවුන්ට ගනුදෙනු කිරීමට වන්නේ දෙස් විදෙස් කෝටිපති ව්‍යාපාරික බවතුන් සමඟය…

රැඩිකල් ව්‍යාපාර දියවී යන්නේ මර්දනය තුලදී නොවේ.. මර්දනය තුල ඇති කෘර පීඩනය හමුවේ ඔවුන් තවත් ශක්තිමත් වේ..

ඔවුන් දියවී යන්නේ බුර්ෂුවා ලිබරල් අභ්‍යාසය තුලය..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...