රැඩිකල් ව්‍යාපාර දියවී යන්නේ මර්දනය තුළදී නොවේ ….

( ගැඹුරු දර්ශනයක් නැතිනම් පීඩතයා පාලකයා වුවද ඒ පීඩිතයාම පෙරලා පීඩකයෙකු වේ – පාවුලෝ ෆ්‍රයරේ )

කරුණා අම්මාන් කියන්නෙ එල්.ටී.ටී.ඊ එකේ සන්නද්ධ නායකයා, ඒ වගේම තද විනයක් සහිතව එල්.ටී.ටී.ඊ. ය වෙනුවෙන් කාලයක් තිස්සෙ සටන් කරපු කාඩර් කෙනෙක්..

ඔහුගේ සටන්කාමි අස්තානය දියවෙන්ට පටන්ගත්තේ සාම සාකච්ඡාවලට සහභාගී වෙන්ට කැලෙන් එළියට ඇවිත් මේ දූපතෙන් එහාට ගිහින් ඒ ඒ රටවල්වල ලොකු ලොකු හෝටල්වල නතරවෙලා ඉඳලා ඒ රටවල්වල නිදහස් සුඛෝපභෝගී ජීවන රටාව එයාට දැනුනට පස්සෙ ..

ඊට පස්සෙ මෙතෙක් ගතකරපු දෘඩ දුෂ්කර දිවිපෙවෙතට එරෙහිව පහසු ජීවිතයක අපේක්ෂාවන් ඔහුගේ අභ්‍යන්තරය තුලම කැරළිගහන්ට පටන්ගත්ත … අන්තිමේදී කරුණා නතර උනේ හත්මුතු පරම්පරාවම පවාදීලා අන්තිමේදී තමනුත් විගඩමක් වෙලා..

මෙතෙක් ජ..වි.පෙ. කියන්නෙත් මේ රටේ දුෂ්කර ජීවිත ගතකරන මිනිස්සු සමඟ පැවතුන හා ඔවුන්ගෙන් යැපුන සහ ඔවුන් සමඟ සටන් කරපු දේශපාලන ව්‍යාපාරයක්.. නමුත් රාජ්‍ය බලය අභිමුඛ වීමත් සමඟ තත්වයන් වෙනස්වී පෙර තිබු ජනතා හිතවාදී ගුණයන් නොදැනීම දියවී යෑමේ යම් අවදානමක් ද ඔවුන්හමුවේ පවතී..

දැන් ඔවුන්ට ආරාධනාවන් ලැබෙන්නේ ගොවීන්ගෙන් කම්කරුවන්ගෙන් වෘතිකයන්ගෙන් නොවේ. දැන් ඔවුන්ට ගනුදෙනු කිරීමට වන්නේ දෙස් විදෙස් කෝටිපති ව්‍යාපාරික බවතුන් සමඟය…

රැඩිකල් ව්‍යාපාර දියවී යන්නේ මර්දනය තුලදී නොවේ.. මර්දනය තුල ඇති කෘර පීඩනය හමුවේ ඔවුන් තවත් ශක්තිමත් වේ..

ඔවුන් දියවී යන්නේ බුර්ෂුවා ලිබරල් අභ්‍යාසය තුලය..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...

කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එල්ල වී...

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි...

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...