සංචාරක කලාප දාහතකට ජනවාරියේ සිට අඛණ්ඩව විදුලිය – ඇමැති කංචන

Date:

සංචාරක කලාප 17 සඳහා ජනවාරි මාසයේ 01 වැනිදා සිට අඛණ්ඩව විදුලිය දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) පැවසීය.

අය වැය තෙවැනි වර කියවීමේ විවාදයේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

එලෙස ලබාදීමට නම් විදුලි බිලෙහි සහ ඉන්ධන මිලෙහි සංශෝධන කරන්න සිදු වෙනවා. විපක්ෂය ඊට එරෙහි වුණොත් එය සාර්ථක කර ගැනීමට නොහැකියි.

එළඹෙන වසරේ මැද වන විට මෙම අර්බුද වලින් 80%ක් අඩු කර ගත හැකි වෙනවා.

පොහොර, ඉන්ධන, ගෑස්, විදුලිය වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා අත්‍යාවශ්‍ය සේවා නිලධාරියෙක් පත් කළ යුතුයි. ජනතාවට අවශ්‍ය විදුලි ජනන සැලසුම නිසි පරිදි ලබා දිය යුත්තේ මහජන උපයෝගිතා කොමිසමයි. එහෙත් එම කොමිෂන් සභාවේ කාර්ය නිසි පරිදි ඉටු වී නැහැ.

ත්‍රී රෝද රථ සහ බස් රථ සඳහා ලබා දුන් ඉන්ධන කෝටාව වැඩි කළා සේම, ඉදිරියේදී පාසල් බස් රථ සහ කාර්යාල මඟින් ප්‍රවාහනය කරන වාහන සඳහා ද, ඉන්ධන කෝටාවක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු විය.

කුමන ආණ්ඩුව යටතේ වුවද ඉදිරියේදී නැවතත් විදුලි බිල සංශෝධනයක් සිදු කිරීමට සිදු වෙනවා. කවුරු මේ රටේ ආණ්ඩු කළත් නැවත මේ රටේ විදුලි බිල සංශෝධනය කිරීමට සිදු වෙනවා. නැතුව මේ ගමන ඉදිරියට යන්න බැහැ.

අඛණ්ඩව විදුලිය ලබා දීමට නම් මෙම විදුලි මිල ගණන් සංශෝධනය විය යුතුයි. සෑම වසරකම ජනවාරි ජුනි මාසවල මෙලෙස විදුලි බිල සංශෝධනය කිරීම වඩාත් සුදුසුයි.

ඉදිරියේදී ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබීමට නියමිත පාවෙන විදුලි පැනල floating solar panel පාර්ලිමේන්තුව, සෙත්සිරිපාය ඇතුළු රජයේ ආයතන කිහිපයක සවි කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 82 කුගේ විදුලි බිල සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබෙනවා. මාස කිහිපයකට පසුව අද වන විට අඛණ්ඩව විදුලිය ලබා දීමට නොහැකි වුවත් විදුලි කප්පාදුව අඩු කරන්න හැකියාව ලැබී තිබෙනවා. මෙම තත්ත්වය කළමනාකරණය කරන්න සහාය වූ ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියලු දෙනාටම සිය ස්තුතිය පුද කරනවා.

ලෙස කංචන විජේසේකර අමාත්‍යවරයා පැවසීය.

රෂිකා හෙන්නායක
2022.11.22

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග...

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර...

කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය...

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...