පොහොට්ටු මන්ත්‍රීලාව චූන් කරන්න ජනපති නිකම් හිතලු කතා කියනවා – මරික්කාර්

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතැම් මාධ්‍ය ආයතන බියවැද්දීම සඳහා බොරුවට හිතලු කතා කියමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

“දැන් එතුමා මේ මාධ්‍ය ආයතනවලට තර්ජනය කරනවා. කොමිෂන් දානවා ලු. ඉතින් ඕනෙ කොමිසමක් දාන්න. මාධ්‍ය ආයතනයක් නෙවෙයි කවුරුහරි වැරැද්දක් කරලා නම් දඬුවම් දෙන්න. හැබැයි නිකම් බොරුවට බය කරන්න ලෑස්ති වෙන්න එපා. එහෙම බැලුවා නම් එහෙම අපි දැක්කානෙ, කලින් ආණ්ඩුවෙ ඉන්න කාලෙ මාධ්‍ය ආයතන දෙකක් මුසාවෙන්, මුලාවෙන්, ප්‍රෝඩාවෙන් ඒ ආණ්ඩුවට විරුද්ධව මිනිස්සුන්ව පෙළගස්වනකොට මොකුත් කරන්න බැරිවුණා අගමැති කාලෙ. ඒකාලෙ එහෙම කළා නම් අද මොකුත් නෑනෙ. ඒ නිසා දැන් මේ නිකම් හිතලු කියනවා පොහොට්ටුවෙ ඉන්න මන්ත්‍රීලාව චූන් කරන්න”

එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...