මන්ත්‍රී නිල නිවාස 74කින් මිලියන 16ක විදුලිබිල් පොල්ලක්!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස 74කින් විදුලිය ගාස්තු ගෙවීම පැහැර හැර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.

2022 වර්ෂයට අදාළ විගණන වාර්තාවක් නිකුත් කරමින් එය අනාවරණය කර තිබෙන අතර එම නිල නිවාසවලින් අය විය යුතුව ඇති හිඟ මුදල රුපියල් මිලියන 16ක් බව සඳහන්.

එම සම්බන්ධතාවලින් 29කට අදාළ රුපියල් මිලියන 05ක මුදලක් වසර 06ක කාලයක් පුරා අය කර ගෙන නොමැති බවත් තවත් සම්බන්ධතා 30කට අදාළ රුපියල් මිලියන 03ක් වසරකට වැඩි කාලයක් ගෙවා නොමැති බවත් වාර්තා කර තිබේ.

මේ අතර 2022 වර්ෂය සඳහා නිසි අනුමැතියකින් තොරව විදුලි බල මණ්ඩල සේවකයන් සඳහා ඉංජිනේරු දීමනා, දිරි දීමනා හා තාවකාලික දීමනා වෙනුවෙන් රුපියල් මිලියන 418ක් වැය කර තිබෙන බවද එම වාර්තාව පවසයි.

ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සිදු කර තිබූ හෙජින් ගනුදෙනුව හේතුවෙන් පසුගිය දෙසැම්බර් 31 වැනි දින වන විට රුපියල් මිලියන 14,028ක පාඩුවක් සිදු ව ඇති අතර ඊට අදාළ ව සංස්ථාවට එරෙහිව පෞද්ගලික බැංකුවක් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 8.6ක අයිතියක් ඉල්ලා ගොණු කළ නඩුවක් ද තවදුරටත් විභාග වෙමින් පවතින බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...