*
Friday, May 3, 2024
spot_img

Latest Posts

රට බංකොලොත් වුණේ පොරොන්දු දේශපාලනයෙන්.දෙසැම්බර් 08 බංකොලොත් බවෙන් මිදෙන වැඩපිළිවෙල අරඹනවා – රවී

කොළඹ LNW:මේ මොහොතේ කළ යුත්තේ දේශපාලන පොරපිටියක් ඇති කිරීම නොවනව බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.

ඒ, අදට (26) දී තිබුණු ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 87 වෙනි ජන්ම දින සැමරුමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම සැමරුම් වැඩසටහන පැවැත්වුණු අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ අද දේශපාලනයට අවශ්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා වැනි අය වන බවත් එම හිස්තැන පෙනෙන්නට ඇති අතර එහෙයින් එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි.

2024 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් මීට වඩා දෙයක් කිරීමට හැකිවූවා නම් හොඳ වන නමුත් ලබා දී ඇති සහන ප්‍රමාණවත් බව කරුණානායක මහතා පෙන්වාදුන්නේය.

”IMF වාරිකය ලැබෙන ස්වරූපයක් තිබෙනවා. දෙසැම්බර් 8 වැනිදා රටේ බංකොලොත්භාවය නැති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ වේවි. දේශපාලනය වෙන්දේසි නොකර හැමදේම නිකන් නොදී සිටිය යුතුයි. බංකොලොත්භාවය ඇතිවුනේ පොරොන්දු දේශපාලනය නිසයි.” යනුවෙන් පැවසූ රවී කරුණානායක මහතා තවදුරටත් පැවසුවේ දේශපාලකයන් ලෙස ඕනෑම වෙලාවක ජන්දයකට සූදානම් බවයි.

මේ අතර අද දවස වන විට රටේ කළමනාකරණය කරන ආකාරයෙන් එක්සත් ජාතික පක්ෂයේ පරිණත බව වටහා ගත හැකි බවද ඔහු සඳහන් කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan