මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ (LNW):

අද(27) සිට බලපැවැත්වෙන පරිදි , ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය වෙනුවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට තීරණය කර ඇත .

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ , මෙය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ සිදු කළ තවත් වැදගත් වැඩිදියුණු කිරීමක් බවයි.

ඒ අනුව, මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනුම්දීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කරන ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණය ලෙස එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (Overnight Policy Rate: OPR) හඳුන්වා දෙනු ලබයි.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනස්කම් ආර්ථිකයේ පාර්ශ්වකරුවන් වෙත සන්නිවේදනය කිරීම සඳහා එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නියමිත කාලසීමාවේදී සමාලෝචනය කර අවශ්‍යතාවය පරිදි සංශෝධනය කරනු ලබන බවද මහ බැංකුව පවසයි.

මෙම ප්‍රතිපත්ති වෙනස්කම තුළින් මූල්‍ය වෙළඳපොළ සහ පුළුල් ආර්ථිකය වෙත මුදල් ප්‍රතිපත්තිය දැනුම්දීම මෙන්ම සම්ප්‍රේෂණයවීමේ කාර්යක්ෂමතාව සහ සඵලතාව ඉහළ නැංවීම අපේක්ෂා කරන බව අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබෙන අතර, ප්‍රතිපත්ති අනුපාතිකය 8%ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (26) පැවති රැස්වීමේ දී තීරණය කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...