විමල්ලාගේ උත්තර ලංකා සභාගයට හඟුරන්කෙතදීත් ප්‍රහාරයක් ! (Photos)

Date:

විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් උත්තර ලංකා සභාගය අද (27) “නුවර එළිය සම්ප්‍රාප්තිය” මැයෙන් සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබුණු අතර එය ආරම්භ කිරීමට පෙර අද උදෑසන එහි පැමිණි පිරිසක් විසින් එහි වේදිකා සැරසිලි කඩාබිඳ දමා පුද්ගලයින් දෙදෙනෙකුට ද පහර දී ඇති බව එහි සංවිධායකයින් පවසයි.

මෙම සම්මන්ත්‍රණය හඟුරන්කෙත සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ඊට අදාළ සියලු කටයුතු සූදානම් කර තිබියදී අද උදෑසන එහි පැමිණ අදාළ පහරදීම සිදුකරනු ලැබුවේ සමගි ජන බලවේගයේ හඟුරන්කෙත සංවිධායක ජයලත් දිසානායක විසින් බවටයි සම්මන්ත්‍රණයේ සංවිධායකයින් පවසන්නේ. ඔවුන් ඒ සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

ජයලත් දිසානායක යනු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතාගේ සොහොයුරෙකි.

කෙසේවෙතත් අදාළ සම්මන්ත්‍රණය පෙර සූදානම් කර තිබුණු ආකාරයෙන් ම අද දිනයේදී විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිඳුවෙමින් පවතින්නේ සුගත්ගේ පැත්තට අවනඩු හැරවීමක් ද?

නිශ්මං රණසිංහ ජනවාරි 0, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ක්‍රීඩා...

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : 2025 (2026) අධ්‍යයන...

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විකල්ප හෝ මිලිටරි ක්‍රම සලකා බලන බව ධවල මන්දිරය කියයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස