*
Friday, December 13, 2024
spot_img

Latest Posts

පකිස්තානු ක්‍රිකට් සිසිල් කළ ඉම්රාන් සුළඟ, අද සුළි කුණාටුවක් වී ක්‍රිකට් හරහා හමා යයි

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 28,(LNW) කොළඹ :

Pakistan Tehreek-e-Insaf (පීටීඅයි) යනු හිටපු පකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂයයි. ඔහු පකිස්තානයට පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් නායකයාය.එම ලෝක කුසලානයේ ප්‍රධානම හේතුව වූයේ ඉම්රාන්ගේ නායකත්වයේ ගුණයයි.එසේම ජයග්‍රහණයේ අරමුණ ඉලක්කගත වී තිබුණේ පිළිකා රෝහලක් සෑදීමේ අරමුදලක් ඇති කිරීමටයි.ඉම්රාන් එය පකිස්තානය වෙනුවෙන් සිදු කළේය.


ඔහුගේ ක්‍රීකට් දිවියද,ඉන් ඉපැයු දේ භාවිතා කළ අයුරුද පකිස්තාන ජනතාවට ඉම්රාන් වීරයෙකු සේ වැළඳ ගන්නට උත්තේජනය ලබා දුන්නත්,ඔහුව දේශපාලකයෙකු ලෙස එකවරම පිළිගත්තේ නැත.ක්‍රිකට් පිටියේදී මෙන්ම සම්ප්‍රදායික පකිස්තානු චෞර දේශපාලනයට එදිරිව ඉම්රාන් ජනතාවට දුන් නායකත්වය නිසා ඔහු ක්‍රිකට් මෙන්ම දේශපාලනය ද දිනා ගත්තේය.අගමැති තනතුරට ද ආවේය.මේ මොහොතේ එහෙත් ඔහු ද චෝදනාවන්ට ලක්ව සිරගත කර ඇත.එඊට විරෝධය පාන්නට දහස් ගණනින්,ලක්ෂ ගණනින් දිවි දෙවැනි කොට පාරට බසින පකිස්තානු ජනතාවගේ කැරලිකාරී හැසිරීම නිසා මේ මොහොත වන විට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ පකිස්තාන ඒ කණ්ඩායම අතර පැවත්වෙන එක් දින තරගාවලිය අත හැර දමන්නට තීරණය වී ඇත.


ලෝකයම පකිස්තානය දැන ගන්න හේතුවක් ලෙස ක්‍රිකට් ද,ක්‍රිකට්වලට ඉම්රාන් දුන් දායකත්වයද සුවිශාලය.මේ මොහොතේ ඒ ලෝකය ඉම්රාන් හේතුවක් කර ගෙන ක්‍රිකට් තරගාවලි අත හරින පකිස්තානයක් දෙස බලා සිටින්නේය.ක්‍රිකට් නිසා ලෝකය ඇද බැඳ ගත් පකිස්තානයක් තනන්නට නායකත්වය දුන් ඉදරි පෙළේ පුරෝගාමී ඉම්රාන් වෙනුවෙන් අද පකිස්තාන දේශපාලනය උණුසුම්ව ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවත්වීමට නොහැකි අන්දමට ගිණිගෙන දැවෙමින් තිබෙයි.සිසිලක්ව පකිස්තාන ක්‍රිකට් වෙත හැමූ සුළඟක් බදු ඉම්රාන් රැල්ලක් තිබූ 80 – 90 දශකයන් පසු කළ පකිස්තානයේ අද සාමකාමීව ක්‍රිකට් තරගයක් පවත්වන්නට නොහැකි තරමේ විනාශකාරී සුළි කුණාටුවක් බවට පත්ව ඇත.


මේ ඇති වි තිබෙන නරක දේශපාලන වාතාවරණය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ද තරගාවලිය අත හැර කණ්ඩායම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට එකඟ වී ඇත.පකිස්තාන දේශපාලනයේ අන්තරාකාරි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවිත සමඟ සූදු කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කිසිසේත්ම සූදානම් නැත.ගිණි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බයයි කීවා සේ මීට වසර ගණනාවකට පෙර බස් රථ රියැදුරෙකු සිය ජීවිතය දෙවැනි කොට කටයුතු නොකළානම්,අද අප කතා කරන ඓතිහාසික ක්‍රිකට් වීර චරිත ලංකාවට අහිමි වන්නට තිබුණු බව කාටත් අමතක නැත.ඒ නිසා පකිස්තානයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීම නිසා එරට ක්‍රිකට් ක්‍රීඩා කළ නොහැකි තත්ත්වයක් පැන නැඟුණු අතර එම තත්ත්වය වෙනස් කරමින් පකිස්තානයේ පළමු වරට සංචාරය කළේ ද දසුන් ශානක නායකත්වය දැරුව ශ්‍රී ලංකා කණ්ඩායමකි.


අතීත අඳුරු මතක අතරින් ද,සිය මිත්‍රශීලීත්වයේ දෑත දිගු කරමින් පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවට විශ්වාසය ගෙන එන්න කටයුතු කළ,රාජ්‍ය තාන්ත්‍රිකව පකිස්තාන – ශ්‍රී ලංකා සබඳතාවල ශක්තියට ද ආදර්ශයක්,ශක්තියක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් මේ මොහොතේදි මිත්‍රශීලීව සිය කණ්ඩායම පකිස්තානයෙන් ඉවත් කරවා ගැනීමට ගනු ලබන තීරණයද පකිස්තානු ක්‍රිකට් මෙන්ම පකිස්තානු දේශපාලනයද අතිත සුහදත්වය මත පදනම්ව හොඳ හැඟීමකින් භාර ගනු ඇත.එහෙත් පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවේ එදා – මෙදා තුර බිහි වූ දැවන්තයා හැටියට අදත් ලෝකය පිළිගන්න ඉම්රාන් නිසා ක්‍රිකට් ක්‍රීඩා කරන්නට නොහැකි රටක් බවට පකිස්තානය පත්වීම පුදුම සහගතය.කණගාටුදායකය.ජරාජීර්ණ දේශපාලනයේ විනාශකාරි අර්ථය පැහැදිළි කිරිමක්ය.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan