*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

ගෑස් නිකුත් කෙරෙන ආකාරය ගැන ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

බදාදා (30) වන තෙක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීම සීමා සහිතව සිදුකෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

උත්සව සමයේ පවතින අධික ඉල්ලුම සහ ඇනවුම් කර ඇති ගෑස් නෞකාවක් මෙරටට පැමිණීම ප්‍රමාද වීම මීට හේතු වී ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.

කෙසේවෙතත් බදාදා දිනය වනවිට තවත් ගෑස් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත අතර එම ගෑස් තොගය ගොඩබෑමෙන් පසු සාමාන්‍ය පරිදි වෙළඳපොලට ගෑස් නිකුත් කිරීමට හැකිවන බවත් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේය.

“ලිට්‍රෝ ගෑස් ආයතනය විදියට ගෑස්වල හිඟතාවයක් දකින්නේ නෑ. නමුත් දෙසැම්බර් මාසයේ උත්සව සමයත් එක්ක අපි නිරීක්ෂණය කරනවා ඉල්ලුම ඉහළ අගයකට වැඩිවෙමින් පවතිනවා කියන එක. ඒ නිසා දෙසැම්බර් මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 34,000ක් ඇනවුම් කිරීමට යෙදුනා. එයින් එක කොටසක් බ්‍රහස්පතින්දා වෙනවිට මෙරටට ළඟාවීමට නියමිතයි. එතැනින් එහාට එකදිගටම ජනවාරි වෙනකල් නෞකා එනවා. අපි සීමා සහිතව සිලින්ඩර 42,000ක් විතර මාකට් එකට දුන්නා. සමහර තැන්වල මේක අඩුවක් තියෙන්න පුළුවන්. ඒක හිඟයකට වඩා අපි සීමා සහිතව නිකුත් කරන්නේ”

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan