*
Saturday, May 11, 2024
spot_img

Latest Posts

අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සහ මානසික රෝග

අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සහ මානසික රෝග ඇති වීම අතර පැහැදිලි සම්බන්ධයක් පවතින බවට පර්යේෂණ මඟින් අනාවරණය වී ඇති බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ මෙරට පාසල් සිසුන් සහ තරුණ ප්‍රජාව අයිස් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි කරගැනීම වෙනුවෙන් සංවිධානාත්මක වැඩසටහන් ජාලයක් ක්‍රියාත්මක වන බවට නිරීක්ෂණය වන බවය.

කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මෙම අදහස් පළ කළේය.

“අද සමාජයේ මානසික රෝග හා අයිස් කියන මත්ද්‍රව්‍ය අතර පැහැදිලි සම්බන්ධයක් තියෙනවා කියලා. බලන බලන කෙනා අහනකොට අයිස් අරගෙන. අන්තිමේ දී මේ අය අයිස් නිසාම විවිධ මානසික රෝග හා රෝග ලක්ෂණ ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ලෝකයේ කරපු පරීක්ෂණවලින් හොයා ගෙන තියෙනවා අයිස් මත්ද්‍රව්‍ය හා විවිධ මානසික රෝග අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. විශේෂයෙන් අපේ පාසල් ශිෂ්‍යයෝ තරුණ පරපුර මේ අයිස්වලට ගොදුරු කරගන්න සංවිධානාත්මක වැඩසටහන් යනවා. ඒ පාසල්වලටම ඇවිල්ලා මානසික ලක්ෂණ තියෙන අයට බොහෝමයක් තියෙන ප්‍රශ්නයක් තමා ඒ අය අයිස් ගන්න එක. මේක ලංකාවේ විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා. අද ලංකාවේ පාසල්වල පන්ති පිටින් මේ මත්ද්‍රව්‍ය භාවිත කරන්න පටන් අරන්.”

? පාසල් දරුවන් පිළිබඳ අවදානය දෙමව්පියන්ගෙන් ගිලිහීම දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹීමට රුකුලක් වී ඇති බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය ?

මේ අතර කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ සමාජ අවබෝධය ඈත්වීම හේතුවෙන් දරුවන් විවිධ අපරාචයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවය.

දෙමාපියන් වන සියල්ලන්ගේම විශාලම වගකීමක් බවට මේ වන විට පත්ව ඇත්තේ තම,දරුවන් පමණක් නොව සමස්ථ දරු පරපුරම මෙයින් මුදවා ගැනීමයි. එය යහපත් සමාජයක් ඇතිකරගැනීමට මහත් රුකුලක් වනු ඇත.

මත්ද්‍රව්‍ය තුරන් කරමු…!!!
යහපත් සමාජයක් ගොඩනගමු..!!!

රෂිකා හෙන්නායක
2022.11.28

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan