ආප්ප බානවා,බිත්තර රොටි හදනවා වගේ ව්‍යවස්ථා සංශෝධන ගේන්න බැහැ.ටික දවසක් දෙන්න – නලින් හේවගේ

Date:

කොළඹ LNW:ඇතැම් වෙනස්කම් ආප්ප බානවා වගේ කළ නොහැකි අතර එවැනි දේ සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන හෙයින් ඒ වෙනුවෙන් යම් කාලයක් ගතවෙනු ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

වැලේ වැල් නැතුව ජාතික ලැයිස්තුව හෝ නම් අක්රගැනීමට නොහැකි විපක්ෂය මේ වන විට ඉතා සුළු කාරණා පවා සමාජ ගත කිරීමට උත්සහ දරමින් සිටින බවයි ගෙවාගෙ මහතා සඳහන් කරන්නේ.

වෙනදා මෙන් නොව මේ වන විට සමාජය තුළ විශාල දේශපාලන වෙනසක් සිදුව ඇති බවද ඔහු කියාසිටියි.

”වැලේ වැල් නැතුව තමන්ගේ ජාතික ලැයිස්තුව පත්කරගන්න බැරි දුබලතාවකින් පෙලෙන බෙලහීන විපක්ෂය ඉතා කුඩා කාරණා සමාජ ගත කරන්න හදනවා. මේ වෙද්දී ඇත්තටම විශාල වරප්‍රසාද ප්‍රමාණයක් කප්පාදු කරමින් ඉන්නේ. කෝටි ප්‍රකෝටි ගණනින් ඇමතිවරු නිල නිවාස ගත්තා දැන් ගන්නේ නැහැ. ජනාධිපති මන්දිර ගොඩක් පාවිච්චි කළා. දැන් එහෙම කරන්නේ නැහැ. වාහන හැට හුට ප්‍රමාණයක් පාවිච්චි කළා. දැන් එහෙම වෙන්නේ නැහැ. තමන්ගේ ඥාතීන් තානාපති සේවාවලට බඳවා ගත්තා. දැන් එහෙම වෙන්නේ නැහැ. ඒ වගේම සමහර ඒවා තියෙනවා ව්‍යවස්ථාවෙන් බලතල හදන්න වෙන. විශේෂයෙන් විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපන්න බැහැ ඒවා ව්‍යවස්ථාවෙන් ඇතිකරගත් දේවල් නිසා. ඒ නිසා ව්‍යවස්ථා සංශෝධනයක් ඕනේ. ඒවා මේ දවසෙන් ආප්ප බානවා වගේ එහෙම නැත්නම් බිත්තර රොටි හදනවා වගේ එහෙම හදන්න බැහැ. ඒ නිසා ඒවාට චූටි කාලයක් ගතවෙනවා. ඒ නිසා මහත්වරුනි බලාගෙන ඉන්න මේ වෙද්දී දැවැන්ත විපර්යාසයක් සමාජයේ වෙලා තියෙනවා.” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...