පුරාවස්තු යනු ඉතිහාසයේ ශේෂයක්ද ? නැත්නම් වර්තමාන ජාතික අභිමානයේ කොටසක්ද ?

Date:

පුරාවස්තු යන විෂය හඳුනා ගන්නේ පුරාතන සමාජයෙන් ඛණ්ඩනය වූ සමාජයන් පමණි.

පුරාතන සමාජයෙන් ඛණ්ඩනය නොවූ සමාජ පුරාවස්තුවලම කොටසක් ලෙස එකතැන පල්වෙමින් ඔහේ පවතී..

ඇත්තෙන්ම ලාංකීය සමාජයට පුරාවස්තු කියන විෂය හඳුන්වා දෙන්නේ බටහිර ස්වාමියා විසිනි.. සීගිරිය හොයාගෙන, උතුරු මැද නටඹුන් හෙලි පෙහෙලි කොට ඒවා අපේම අතීතය ලෙස අපට පිළිගන්වන්නේ බටහිර ශිෂ්ඨකයා විසිනි.. නමුත් අර්බුදය නම් අප තාමත් ඒවා අපේ අතීත ශේෂ ලෙස බාර නොගෙන වර්තමාන ඊනියා අභිමානයේම කොටසක් ලෙස වැරදි ලෙස ඥානනය කරගැනීමයි..

ලෙව්කෙගේ කඩු තුවක්කු යනු ඉතිහාස ශේෂයක් ලෙස නොගෙන එය ජාතික නිදහස වෙනුවෙන් භාවිතාවූ අවි ලෙස අද වරනැගෙයි නම් ඒ තුලින් ගම්‍යවන්නේ අප සමාජ දේශපාලන වශයෙන් අතීතයේ අතරමංව ඇති බවකි..

මන්ද, ලෙවුකේ, කැප්පෙටිපොළ වැන්නවුන් එදා මෙහෙය වූයේ ඉතිහාසයේ ඉරණම් සහගතලෙසම පරාජය වීමට නියමිත වැඩවසම් සටනකි.. එදා යම් හෙයකින් ලෙව්කේලා කැප්පෙටිපොළලා දිනුවේනම් අප අද ලෝක ඉතිහාසය තුල පුරාවස්තු ලෙස ඝනීභූත වූ අතීත ජාතියකි ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...