දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/03

Date:

1.  ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ දේශපාලන ප්‍රතිසංස්කරණ ද අවශ්‍ය බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හි ප්‍රධානී සමන්තා පවර් ප්‍රකාශ කරයි – “රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා සහ ප්‍රතිසංස්කරණ අවබෝධ කර ගැනීම සඳහා” විදේශ අමාත්‍ය අලි සබ්රි සමඟ පැවැත්වූ හමුවේදී ඈ මේ බව පවසා ඇත.

2. මාලදිවයින් උප ජනාධිපති ෆයිසාල් නසීම් (Faisal Naseem) සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක්! – ශ්‍රී ලංකාවේ ඉහළ තාක්ෂණය බැඳි කෘෂිකර්මාන්තය, හා සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී සංචාරක කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කරන ලෙස ද ජනපතිවරයා මාලදිවයින් උප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

3. මැතිවරණ කොමිසම නව දේශපාලන පක්ෂ 07ක් හඳුනා ගනියි – එක්සත් කොංග්‍රස් පක්ෂය (United Congress Party), දෙවන පරපුර, ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය, බහුජන වියත් පෙරමුණ, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (Eros Democratic Front), සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය (Democratic People’s Congress).

4. චීනයේ හිටපු ජනාධිපති Jiang Zemin ගේ අභාවය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කරයි! – චීන තානාපති කාර්යාලයේදී ශෝක පොතට අත්සන් තබයි.

5. “වර්තමාන ආර්ථික අර්බුදය විසඳීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම” සඳහා බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසවන්තම සහ එකම පුද්ගලයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ “ඉදිරිපත්ව” ඇති බව පකියාසෝති සරවනමුත්තුගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපදයේ අරමුදල් මත යැපෙන ආයතනයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (Centre for Policy Alternatives) පවසයි – එම කේන්ද්‍රයේ “සමීක්ෂණයකට” අනුව, නන්දලාල්ගෙන් පසුව මේ සඳහා සුදුසුතම පුද්ගලයන් ලෙස (2) රනිල් වික්‍රමසිංහ, (3) හර්ෂ ද සිල්වා, (4) රංජිත් බණ්ඩාර, සහ (5) චම්පික රණවක යන අය හඳුනාගෙන සිටියි.

6. මහා පරිමාණ වැවිලිකරුවන්ගෙන් ඌන-උපයෝගී ඉඩම් පවරා ගැනීමට අදාළව වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳව සිය “ව්‍යාකූලත්වය” ප්‍රකාශ කරන බව වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍යප්‍රකාශක රොෂාන් රාජදුරෙයි පවසයි – එවැනි ඌන-උපයෝගී වගා කළ හැකි ඉඩම් නොමැති බව පවසයි.

7. 2019 සිට 2022 ඔක්තෝබර් දක්වා ආදායම ඉහළ නැංවීම සඳහා රජය 04 වතාවක් එකතු කළ අගය මත (VAT) බදු සංශෝධනය කරමින් බදු සංශෝධනයන් 10ක් හඳුන්වා දී ඇති බව මහ බැංකු මධ්‍යවාර වාර්තාව පෙන්වා දෙයි!

8. ඉදිරියේදී මතුවිය හැකි ආහාර අර්බුදයකට මුහුණ දීම සඳහා මොණරාගල, කොටියාගල සහ කැබිලිත්ත ප්‍රදේශවල ඉඩම් හෙක්ටයාර 5,000ක් තාවකාලිකව ගොවිතැන් සඳහා නිදහස් කිරීමට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති මාණ්ඩලික ප්‍රධානී සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී තීරණය කර ඇත.

9. 2022 දී විදේශ ආයෝජකයන් සමඟ ගිවිසුම් 123ක් අත්සන් කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කරයි – ඒවා අතර නැවත ආයෝජනය සඳහා ගිවිසුම් 82ක් ද, නව ආයෝජන සඳහා ගිවිසුම් 41ක් ද ඇතුළත් ය – මීට ඉන්දියාව, ජපානය, නෝර්වේ සහ සිංගප්පූරුව යන රටවල ආයෝජකයන් ඇතුළත් වේ.

10. ශ්‍රී ලංකාවේ පමුඛතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ වෙන්දේසිය සඳහා ලියාපදිංචි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 23 දෙනා අතරට!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...