කොළඹ උසාවියේ රන් මංකොල්ලයක් !

Date:

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව නඩු භාණ්ඩ වශයෙන් රඳවාගෙන තිබුණු රන් පවුම් 48ක් කිසියම් පුද්ගලයකු විසින් වංචනික ලෙස නිදහස් කරගෙන ඇති බව වාර්තා වේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 2 සහ අංක 4හි විභාග වන නඩුවකට අදාළ රන් පවුම් 48ක් මෙසේ එම මහේස්ත්‍රාත්වරුන් දෙදෙනාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදාගෙන ලේඛන සකස් කර ඇත්තේ එම නඩු භාණ්ඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මුදාහරින ලෙස නියම කරමිනි.

අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ද එම ලේඛන අනුමත කර යවා ඇති අතර පසුව ඇතිවූ සැකයක් මත පරීක්ෂා කිරීමේදී ඔහුට අනාවරණය වී ඇත්තේ එම නඩු තවමත් අවසන් වී නොමැති බවත් ඒවා තවදුරටත් විභාග කෙරෙන බවත් ය.

ඒ අනුව රෙජිස්ට්‍රාර්වරයා වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමතා අදාල රන් පවුම් 48 ලබාගත්තේදැයි විමසා ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පවසා ඇත්තේ එවන්නැක් සිදු නොකළ බවත් තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවත් ය.

මෙම සිදුවීම සිදුව ඇත්තේ පසුගිය සිකුරාදා දිනයේදී වන අතර මේ වනවිට සියලු දෙනාම දෙලොව රත්වී කල්පනා කරමින් සිටින්නේ මෙවැන්නක් සිදුවුණේ කෙසේද, මේ රන් භාණ්ඩ රැගෙන ගියේ කවුරුන්ද කියා ය.

මේ ගැන වැඩිදුර සොයාබැලීමට යාමේදී අනාවරණය වී ඇත්තේ අදාළ නඩු භාණ්ඩ කාමරයේ CCTV කැමරාව ද වැඩ නොකරන බවකි. එම කැමරාව මේ සිද්ධියට කාලයකට පෙර සිටම නිශ්ක්‍රීයව තිබී ඇති බවත් සඳහන්. ඇත්තෙන්ම එම කැමරාව තිබී ඇත්තේ කිසිවක් පටිගත වන්නට නොව මිනිසුන්ට පෙනෙන්නට ය.

අපට ඇති ප්‍රශ්නය වන්නේ උසාවියේත් මෙහෙම නම් අනෙක් තැන්වල කොහොම සිදුවෙනවා ඇත්ද කියාය …

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...