ප්‍රංශය සහ එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

Date:

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 වටයෙන් පහසුවෙන් එතෙර වන්නට වත්මන් ලෝක සූරයන් වන ප්‍රංශය සහ එංගලන්තයට හැකි වුණා.ප්‍රංශය සහ පෝලන්තය අතර තරගයේදී මුල අදියරේදි පෝලන්තය යම් බලපෑමක් එල්ල කළ ද ප්‍රංශය පෙර පෙළ සිට ආරක්ෂක පෙළ දක්වා වූ සුසංයෝගය මැනවින් යොදා ගනිමින් තරගය සිය පාලනයට නතු කර ගත්තා.
ඉකුත් ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතම තරුණ ක්‍රීඩකයා වූ කිලියන් මබාපේ මේ තරගයේදි ද සිය විශිෂ්ඨ හැකියාව මොනවට පැහැදිළි කරමින් ප්‍රංශ ලෝක සූරයන් සිය කුසලානය කටාර් හී දමා යන්නට සූදානම් නැති බව පැහැදිළි කළා.එසේම පෝලන්තයට එක පිට මුල් අර්ධයේ ගෝල ලබා ගැනීමට ලැබුණු අවස්ථාවන් ව්‍යර්ථ කරමින් ප්‍රංශ දැල රකින හියුගෝ ලොරිස් මෙන්ම ප්‍රංශ ආරක්ෂ පෙළ ද කරන ලද සේවය විශිෂ්ඨයි.
තරගයේ පළමු අර්ධයේ නිමාව පෙනි පෙනි 44 විනාඩියේ දී ප්‍රංශය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා වුණා.ඒ ඔලිවර් ග්‍රවුඩ් ගේ පාදයෙන්.ඉනික්බිති තරගයේ 74 වන විනාඩියේදී සහ නිමාවට පිවිසෙමින් තිබුණ 91 වන විනාඩියේදි මබාපේ ක්‍රියාත්මක වුණා.වේගය සහ නිසි ඉලක්කය පිරුණු එම ගෝල දෙකම කියා සිටියේ 2018 දක්ෂතම තරුණයා මේ වන විට ඊටත වඩා පරිණතව සිටිව බවයි.තරගයේ අන්තිමම අන්තිම මොහොතේදී ප්‍රංශයේ වරදකින් හිමි වූ දඬුවම් පහර නිසි ඉලක්කයට යොමු කරන්නට රොබට් ලෙවඩොන්ස්කි සමත් වූ බැවින්,පෝලන්තයට පරාජයත් සමඟ හිස් අතින් යාම වෙනුවට රැඟෙන යාමට ගෝල මතකයක් ඉතිරි වුණා.
මේ දක්වා තරගාවලියේ වැඩිම ගෝල සහිත කණ්ඩායම බවට පත්ව සිටින එංගලන්තය අර්ධ අවසාන පූර්ව වටයට පිවිසීමේ දී තමන් සතු ගෝල ලකුණු ප්‍රමාණය 12 දක්වා ඉහළ නංවා ගත්තා.සෙනෙගාලයට එරෙහිව පළමු අර්ධය නිමාවන විටම ගෝල දෙකක් එංගලන්ත කණ්ඩායමට එකතු වී තිබුණා.එම ගෝල රැස් කිරීමට හෙන්ඩර්සන් සහ කේන් දායක වී තිබුණා.තරගයේ දෙවැනි අර්ධයේ දී ක්‍රියාත්මක වූ සකා මේ තරගයේ සෙනෙගාලයට එරෙහි තෙවන ගෝලය 57 වන විනාඩියේදී වාර්තා කළ අතර එය සකා මෙවර ලෝක කුසලාන තරගාවලියේ රැස් කළ තෙවන ගෝලය ද වුණා.
සකා මෙන්ම රෂ්ෆෝර්ඩ් ද එංගලන්ත ගෝල 12 න් හයකට තුන බැඟින් වගකියන අතර තරගාවලියේ සියලුම පෙර පෙළ ක්‍රීඩකයින් පාහේ ගෝල අතර රැඳී සිටීම අර්ධ අවසන් පූර්ව තරගයේ දී ප්‍රංශය සමඟ තරගය කරට කර වෙනු ඇතැයි සිතීමට එය පැහැදළි උදාහරණයක්.පෙරළිකාර ක්‍රීඩා රටාවක් පෙන්වමින් සුපිරි 16 වටයට පිවිසි සෙනෙගාලයෙන් සුපිරි 16 වටයේ තරගයේදී සියලු ගෞරවය තමන්ගේ නමට ලියා ගත් එංගලන්තය මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පහසුවෙන්ම පිවිසෙන්නට සමත් වුණා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...