රේගුවෙන් සොයා ගත් රු. මි. 43කට අධික මත්ද්‍රව්‍ය තොගය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින්, තැපැල් මාර්ගයෙන් මෙරටට එවන ලද රුපියල් මිලියන 43කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව වර්තා වේ.

රේගුව සඳහන් කළේ, මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරීවලදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකපිට පාර්සල් 25ක සිදුකළ පරීක්ෂාවේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි.

එම පාර්සල් ජර්මනිය සහ එංගලන්තය යන රටවල්වල සිට කොළඹ, මහරගම, බත්තරමුල්ල, බොරලැස්ගමුව, පානදුර මොරටුව හා මහනුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ගේ ලිපිනයන් වෙත එවා තිබූ ඒවා බව සඳහන් වේ.

නමුත්, අදාළ ලිපිනයන් ව්‍යාජ ඒවා බවට විමර්ශනවලදී හෙළිවී තිබෙන අතර, එහිදී Methamphetamine අඩංගු Ecstasy නමැති මත්පෙති 2193ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1740ක් සහ Amphetamine ග්‍රෑම් 29ක් සොයාගෙන ඇති බව සඳහන් වේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය, වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...