මුදල් රාජ්‍ය ඇමති වෙරිටේ රිසර්ච් වාර්තාවක් ප්‍රතික්ෂේප කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වෙරිටේ සමීක්ෂණ ආයතනය නිකුත් කර ඇති වාර්තාවක් ප්‍රතික්ෂේප කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ, දේශීය ණය ප්‍රශස්තකරණය යටතේ රජය, සේවක අර්ථසාධක අරමුදලට මැදිහත්වීමට ගත් තීරණය සාධාරණ නොවන බව මෙරට වැඩිහිටි ජනගහනයෙන් 77%කගේ පිළිගැනීම වී ඇතැයි පවසමින් නිකුත් කළ වාර්තාවකි.

අදාළ සමීක්ෂණය සඳහා තෝරාගත් නියැඳිය සහ ඔවුන් වෙත ඉදිරිපත් කළ ප්‍රශ්නාවලිය කුමක් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ , මෙරට ආර්ථික අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මැදිහත් වීමට, මෙරට ජනගහනයෙන් 28⁣%ක් පමණක් කැමැත්ත පළ කර ඇති බවට අදාළ සමාගම මීට පෙර සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ඒ සඳහා නියැඳිය ලෙස යොදාගෙන තිබුණේ පුද්ගලයන් 1,008 දෙනෙකු හෙවත් සමස්ත ජනගහනයෙන් 0.0045%ක් පමණක් බවයි.

ආර්ථිකය යහපත් මට්ටමකට ගෙන ඒමට සකස් කර ඇති වැඩපිළිවෙලවල් ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එවැනි ක්‍රියාමාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කිරීම වෙනුවට විකල්ප අදහස් නොමැති හුදු දේශපාලන විරෝධතාවලින් සිදු වන්නේ රටේ ඉදිරි ගමනට හානියක් බවයි.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, එසේම ඔවුන් අනුව යමින් ඇතැම් සමීක්ෂණ ආයතන ද දේශපාලන අතකොලු බවට පත්ව ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් විධිමත් කිරීමට පියවරක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : දිවයින තුළ ළමා...

විද්‍යාඥයින් වසර මිලියන 1 ක් පැරණි නැතිවූ ලෝකයක් සොයා ගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නවසීලන්තයේ උතුරු දූපතේ...

ලෝක කුසලානයේ සමාරම්භක තරගය නොමිලේ බලන්නට එස්එස්සී ය විවෘත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...