*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

තණතිලිවලට වැටෙන දහදිය කඳුළුවලට ලැබුණ මිල සමඟ ඇති කළ හිල් වලින් එබී බලමු

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):ක්‍රීඩාංගණ සේවකයින් ආසියානු කුසලානය පවත්වන්න කරපු මෙහෙය වෙනුවෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් විශාල වශයෙන් මූල්‍යමය ඇගයීමක් ලැබුණා.ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයො කියන්නෙ ක්‍රීඩකයින් තරමටම කීර්තිමත් පිරිසක්.ඔවුන් යුහුසුළුව පිටිය ආවරණය කරන ආකාරය තමයි වඩාත්ම වැදගත්.ජාත්‍යන්තර වශයෙන් වර්ෂාව හේතුවෙන් තරග අත් හරින්නට වෙන වෙලාවට විස්තර විචාරක කුටියෙ සිහිපත් කරන පිරිසක් තමයි ලංකාවේ ක්‍රීඩාංගණ සේවකයින් සහ පිටිය ආවරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් දරණ වියදම.

මේ වියදම ගැන ප්‍රශ්න මතු වුණ කාලයක් තිබුණා.ඒත් ඒ හරහා ලැබෙන කීර්තිය ඒ මුදල් වියදම්වල කතාව යටට කළා.තරගයකට වැස්සෙන් බාධා වෙන්න තියෙන ඉඩ විශාලයි.ලංකාව කියන්නෙ කොයි වෙලේ චුරු චුරුව කඩාගෙන වැටෙන තැනක් ද කියලා කියන්න අමාරු රටක්.ඒත් ආසියානු කුසලානය වෙලාවෙ රටේ කීර්කිය වැස්සට හේදෙන්න නොදී රැක ගන්න පුළුවන් වුණ පිරිස තමයි ක්‍රීඩාංගණ සේවකයින්.ඔවුන් ආවරණ එලන වේගය,පිටියේ තෙත ඉවත් කරන්නට කරන කැපවීම මෙන්ම විශේෂයෙන් වටේ තියෙන පාරේ කාණුවකත් වතුර බහින්න අමාරු තත්ත්වයක ප්‍රේමදාස වගෙ ක්‍රීඩාංගණයක ඉදිකිරීම් පිටුපසම ඉදගෙන ඉතා ඉක්මණින් වතුර බහින සැළසුමක් සමඟ ක්‍රීඩාංගණය නිමා කරන්න මහන්සි වුණ රණසිංහ ප්‍රේමදාස කියන ජනාධිපතිවරයාගේ කැපවීමත් මෙහිදී සිහිපත් කළ යුකුමයි.මතකයේ හැටියට ඔහු මේ ඉදිකිරිමට සම්බන්ධ වෙන්නෙ අග්‍රාමාත්‍යවරයාව සිටියදී යි.

ඒ වගෙම මෙහි සුළු රැකියා ලැබෙන මිනිස්සු අතර හිටිය බහුතරයක් නියෝජනය කළේ රණසිංහ ප්‍රේමදාසලේ දේශපාලන කඳවුරයි. මැද කොළඹ විතරක් නෙමෙයි මුළු කොළඹම වතු ජනතාව අතර ප්‍රේමදාස වීරයෙක් වෙච්චි දේශපාලන ඉතිහාසයක් තිබුණා.පරම්පරාවෙන් වාම දේශඵාලනය ආගමක් විදිහට ගත්තු සහ හදාරපු සුළු පිරිසක් හැරෙන්න ඒ උප සංස්කෘතියේ මිනිස්සු ප්‍රේමදාසව විශ්වාස කළේ තමන්ගේ කට සහ බඩ ගැනත්,හිසට අවශ්‍යය සෙවණ ගැන සහ හිතේ නිවන ගැන හිතපු නායකයා ප්‍රේමදාස හැටියටයි.

එදා මේ ක්‍රීඩාංගණ පටන් ගද්දි යාන්තමට වේල සරි කර ගත්තු ක්‍රීඩාංගණ සේවකයො පවුලෙ කුසගින්න නිව්වෙ ප්‍රේමදාසට පිං දිදී.අද ඉන්නෙ බොහෝ වෙලාවට ඒ සංස්කෘතිය ඇතුළෙ නිර්මාණය වුණ දෙවන හෝ තුන්වන පරම්පරාව වෙන්න පුළුවන්.ඒ බොහෝ දෙනෙක්ට ප්‍රේමදාසගේ දේශපාලනය ගැන අදහසක් විදීමක් නොතිබෙන්නත් පුළුවන්.හැබැයි කාලයත් එක්ක මේ සේවක වැටුප් වැඩිවෙලා.අද මේ සේවකයින් ඉහළ වැටුපක් ගන්නවා පමණක් නොවෙයි.සුළු ව්‍යාපාර පවා පවත්වාගෙන යනවා.ත්‍රීවීල් එකක් යතුරු පැදියක්වත් නැති සේවකයෙක් නැති තරම්.මේ තත්ත්වය කාලයත් එක්ක වර්ධනය වෙන්න ගන්නෙ 96 ලෝක කුසලානය නිසයි.

ඒ ගත්තු ලෝක කුසලානය විශාල ආර්ථිකමය පිම්මක් වුණා.එහෙත් ඇතැම් පරිපාලන දුර්වලතා නිසා මේ මුදල් වාෂ්ප වෙලා ගියේ සළකුණක් හෝ නොතබා.එක් අතුරු පාලක කමිටුවක් කරපු ලෝක කුසලානයක ගිණුම් වාර්තා තිබුණ පරිගණකයේ දත්ත ගබඩාව පවා ගලවාගෙන ගිහිං අතුරුදහන් කරපු කාලයක් තිබුණා.මෑතක ඉවත් වුණ ක්‍රීඩා අමාත්‍යවරයා එතකොටත් මතකයේ හැටියට ක්‍රියාකාරී දේශපාලනයෙ හිටියා.අර්ජුණ රණතුංගත් දේශපාලනයේ නියැලී හිටියා.එපමණක් නෙවෙයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාත් ඒ ලෝක කුසලානය අරඹයා සූරියවැව ක්‍රීඩාංගණය ඇතුළෙ තාරුණ්‍ය්‍යට හෙටක් ටිෂර්ට් බෙදමින් ලෝක කුසලානය මෙහෙයවපු අතුරු කමිටුවේ ආශිර්වාදය ඇතුන දේශපාලන සංදර්ශන පවත්වද්දි ඔවුන්ට විරුද්ධ හම්බන්තොට විපක්ෂයේ ප්‍රබලතම දේශපාලකයා හැටියටත් සජිත් ප්‍රේමදාස හිටියා.

මේ සටහනට පාදක වෙන්නෙ රොෂාන් රණසිංහ ආසියානු කුසලානය වෙලාවෙ ක්‍රීඩාංගණ පාලනයේ දී දැක් වූ සුවිශේෂීත්වය වෙනුවෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලය සහ එහි අවසාන තරගයේ විරයා වූ මොහොමඩ් සිරාජ් දුන් මුදල් ක්‍රීඩාංග සේවකයින්ට ගෙවා නැති බවට කරපු කතාව පදනම් කරගෙනයි.(මේ වෙනකොට ගෙවීම ආරම්භ කර තිබෙනවා) ඒ වගෙම අර්ජුන රණතුංග වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් මේ ගෙවීම තරගයක් පරාජය වන පරිදි පිටිය සැකසීම වෙනුවෙන් ලැබුණ මුදලක් හැටියට බහුතරයක් අහිංසක මිනිස්සුන්ගෙ කීර්ති නාමය කෙළෙසීමක් ගැනත් සමාජය ඉදිරියේ ප්‍රකාශ කළා.

අර්ජුන මේ තරම් වටිනාකමක් මේ මිනිස්සුන්ගෙ ජීවිතවලට එකතු වෙන විදිහට ක්‍රිකට් සංස්කෘතිය පෝෂණය වූ තැන 96 තමන්ගේ නායකත්වයෙන් සිදු වූ ලෝක කුසලාන ජය බව කිව්වනම් ඒක හිස නමා පිළිගැනීම මේ රටේ ක්‍රිකට් ලෝලීන්ගේ යුතුකමක් සහ වගකීමක්.ඒ වගෙම තමන්ගේ පියා බොහෝ මිනිසුන් විශ්වාස නොකළ වගුරු බිමක් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් නොකළානම් මේ වටිනාකම ඒ මිනිස්සුන්ට නො’එන බව කිව්වානම් සජිත් ප්‍රේමදාසගේ ඒ කතාවත් සියයට සියය ඉක්මවා නිවැරදි යි.

නමුත් මේ කතාවෙ අද යම් යම් දේශපාලනික සංශෝධන වෙලා තියෙන්න පුළුවන්.එදා ප්‍රේමාදාසවාදී ක්‍රීඩාංගණ සේකයින්ගේ පසු පරම්පරාවන් සමහර විට තිලංග සුමතිපාල දේශපාලන ආධාරකරුවන් වී තිබෙන්න තියෙන ඉඩ වැඩියි.ඒක ක්‍රිකට්මය ප්‍රශ්නයක් නොවන දේශපාලනයේ හැඩය පිළිබඳ අර්බූදයක්.

06 න් පස්සෙ වෙනස් වුණ ක්‍රිකට් ආධිපත්‍යය ඇතුළෙ ඉහළින්ම වැජඹෙන කෙනා වුණේ තිලංග සුමතිපාල.ඔහුව බලයට ගේන ව්‍යාපෘතියේ විශාල ලෙස සහය දැක්වීම සිඳු කළ පිරිසක් බවට රණතුංග පාලනය නම් කළ හැකියි.96 දී විකුණන ගිණි පෙට්ටියෙන් පවා ආදායමක් ක්‍රිකට් නේවාසිකාගාරයකට වෙන් වුණා මතකයි.මේ පරණ දේවල් කිසිවක් අද මතකයට පැහැදිළිව නැහැ.ඒ වගෙම මේ සුමතිපාල රණතුංග බන්ධනය දෙදරා යෑමට හේතු වූ රක්ෂණ සමාගමක් හරහා වුණු බලපෑම,තමන්ගේ මවගේ මෝටර් රථයක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සාවද්‍ය කරුණු මත අලෙවි කිරීම වැනි කතා රාශියක් තිබෙනවා.

මේ වගේ කතා හැමතැනම බැලුවම කාගෙවත් කිල්ලෝටවල කුණු බින්දක් හරි තියෙන බව ඇත්තයි.ඒත් මේ මොහොතෙ වෙන්නෙ එක එක මාධ්‍ය සංදර්ශන සමඟ සමහර තැන් අති පිරිසිදු සහ අති පූජණීය කර වන්දනීය තත්ත්වයට පත් කර පෙන්වීමයි.මේ තත්ත්වය හමුවේ අපේ පළමු මැදිහත්වීම සිද්ධ වුණේ ක්‍රිඩංගණ සේවකයින්ගේ කීර්තිය පාවා දෙන්නට අර්ජුණ රණතුංග භාවිතා කළ වචනයි.සමහර විට අරවින්ද ඉවත් කිරීමට අර්ජුන ඉවත් වී රොෂාන් මහානාමගේ නායකත්වය යටතේ ගිය සංචාරයක් අවස්ථාවේ අසංක ගුරුසිංහගේ ගෙට එල්ල වූ ගල් ප්‍රහාරය වැනි දෙයක් මේ අහිංසක කම්කරුවන්ගේ නිවාසවලටත් එල්ල විය හැකි අන්දමෙන් ඒ විරෝධයත් මතු වෙන්න තිබුණා.ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා මහන්සි වුණ දේශප්‍රේමී ඔළු ගෙඩි හොඳටම හෙම්බත්වෙලා,පැරදිලා නොසිටි තත්ත්වයකම් විවිධ පන්නයේ පූජකයින්ගේ සිට මේ සේවකයන්ට විරුද්ධව උද්ඝෝෂණ කරන්න එන්න තිබුණා.

සජිත් ප්‍රේමදාසත් පාර්ලිමේන්තුවේ අර්ජ්න කියපු දේ පස්සෙ යන්නෙ නැතුව අඩුම තරමේ කවුරුවත් හිතන්නෙ නැති විදිහට හිතන්න සහ වැඩ කරන්න තාත්තගෙන් හෝ අභාෂය අරගෙන තිබුණනම් ඒ මොහොතේ මේ කීර්තියට මුල් මගේ තාත්තා කියා සජිත් ප්‍රේමාදාස අරමුදලෙන් රුපියල් ලක්ෂය බැඟින් හෝ ක්‍රීඩකයන් අතින් ගිලිහුණ කීර්තිය රටට ඉතිරි කර දුන් සේවකයින්ට දී නැවත දේශපාලනමය වශයෙන් ස්ථාවර වෙන්නත් තිබුණා.

කෙසේ හෝ මේ මුදල් ප්‍රමාණය ක්‍රීඩාංගණ සේවකයින් අතට දෙන්න අවශ්‍යය බෙදීම කෙරෙන හැටි,ඒවා සේවක නිල මට්ටමෙන් සැකසෙන හැටි ගැන අදහසක් ඒ ආසන්නයේම අපේ වෙබ් අඩවියට පැවසුවේ විෂය භාර නිලධාරියායි.ඒ ගෙිඩ්ප්‍රී දබරේරා යි.දබරේරා කියූ අදහස් තියෙන සටහනට පහතින් පිවිසිය හැකියි.එසේම ඒ සමඟ එම සේවකයන්ට ඇති කළ අපකීර්තිය වෙනුවෙන් අප තැබූ සටහනත් පහතින් දක්වා ඇත.

https://sinhala.lankanewsweb.net/09/18/70917/
https://sinhala.lankanewsweb.net/09/23/71839/

මේ සටහන්වලට අනුව එම සේවකයින්ගේ ගෙවීම් සිදුවන අකාරය සහ එම ගෙවීම් ආරම්භ කිරීම දැන් ඇරඹි ඇත.

අයහපත් කාලගුණික තත්ත්වයන් නොතකා තරගාවලිය නියමිත වේලාවට සාර්ථකව පැවැත්වීමට භාරකරුවන්, තණතිලි සුපරීක්ෂකවරුන්, බිම් කාර්ය මණ්ඩලය සහ තාක්ෂණික කාර්ය මණ්ඩලය කළ කැපවීම වෙනුවෙන් මෙම ප්‍රදානය බෙදී යාමට නියමිතය.එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් ගත් විට මිලයන 16 ක් මුදලකි.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පමණක් නොව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයින්ට ද මෙම ත්‍යාග මුදල් හිමිවන අතර ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවක මණ්ඩලයට අයත් ප්‍රමාණය 138 දෙනෙකි.එසේම පල්ලෙකැලේ සේවක මණ්ඩලයේ 115 දෙනා ද මේ සිකුරාදා එම තිළිණ ලබා ගැනීමට නියමිතය.මේ ජීවිත වෙනස් කිරීම සඳහා ඔවුන්ගේ මාසික වැටුප් තලය පාර්ලිමේන්තු අමාත්‍යවරයකෙුගේ දේවක වැටුපටත් ඉහළ තලයක තබා කටයුතු කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර තිබීම ඉතාමත් වැදගත්ය.ඒ දක්වා වූ ඉහළ මට්ටමකට රැඟෙන යාමට මේ රටේ ක්‍රිකට් මූල්‍යමය වශයෙන් දැවන්ත පෙණුමක් ලබන්නට මුල පිරුව තැන 96 ලෝක කුසලානය වන්නට හැකිය.එසේම දිවා රාත්‍රී තරග අත්දැකීම් විද ලෝකයේ හැටියට ලංකාවේ ක්‍රිකට් හැඩය සකස් කරන්නට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය නිරම්ාන්‍ය කරන්නට කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගැන කතා කරන්නේම නැති තරම්ය.

මේ කාරණා දෙකටම අදාළව අදහස් කියන්නට හැකි දෙන්නෙක් ලෙස මේ සේවක ජයග්‍රහණවල වර්ථමානයට එතරම් මිලක් වර්ණයක් එකතු කරන්නට උල්පත් පාදන්නට හේතු වූ අර්ජුන මෙන්ම සජිත් ප්‍රේමදාස ද මේ ජයග්‍රහණය පිටුපස හැසිරුණ ආකාරය ඔවුන්ට අත් කර ගන්නට තිබුණ කීර්තිය සෝදා ගැනීමක්ය.ළඟ තිබෙන ද්වේශය සහිතව කරන දේශපාලනය ක්‍රීඩාවේදී මෙන්ම පක්ෂ දේශපාලනයේ දී ද .මන්ට යහපත් ප්‍රතිපල ළඟා නොකරනු ඇත.ඊට වඩා වැදගත් බුද්ධිමත්ව සිය මැදිහත්වීමේ සීමාව සළකුණු කරගෙන ගැනීමය.නමුත් දේශපාලකයින් වශයෙන් රොෂාන් රණසිංහ මෙන්ම සජිත් ප්‍රේමදාස ද තමන්ට නොදැනීම ඇදි ගියේ ක්‍රිකට් කීර්තිය වෙනුවෙන් එකට සිට වෙන්ව දැන් දෙකඩ වී ගහ මරා ගන්නා තත්ත්වයට පත් වී සිටින පාර්ශව දෙකක එක පසෙකටය.කිසිවෙක් අති පිරිසුදු නොවන බවට ඉතිහාසයක් ඇති අපට අනුවනම් මේවා විහිළුය.ඒත් දේශපාලනයේදී ලකුණු රැස් කරන්නට ලෙදර් බෝලය වෙනුවට කඩදාසි බෝලයක් හරි හොයන අයගේ ක්‍රිකට් කියවීමට අනුව ප්‍රතිපලය ලැබෙනු ඇත.

හරීන් ද මේ මොහොතේ ඔහු වට කර සිටින ක්‍රිකට් යාළුවන්ගෙන් පරිස්සම් වී,ඔහු ජාතික තේරීම් කමිටුවට කැද වූ සුරේෂ් සුබ්‍රමනියම් ද එකතු කරගෙන ජාතික ඔලිමිපික් කමිටුවේ සහයද ලබාගෙන ජාති්‍යන්තර ම්ටටමේ දී අභියෝගයකට ලක් නොවන පරිදි රටේ ක්‍රීඩා පණත සකසා ගතහොත්,බනින මොහොතට වඩා ආශිර්වාද හිමිවන අනාගතයක් හරීන්ට ලැබෙනු ඇත.දේශපාලනයේ සිටින නායකයෙක්ට අනාගතයට අදාළ එම ආයෝජනය කෙළි දොලෙන් තමන් හා දොඩන එක්වෙන ක්‍රිකට් යහළුවන්ගේ රස කතාවල දිය කර ගන්නේ ද යන්න හරීන් මදක් කල්පනා කළ යුතුය.ආතල් ගන්න යහළුවන් මරුය.එ්ත් රටක් යහළුවන් සහ නෑයන් සමඟ ආතල් එකට ගන්නට ගිය විට ඇතිවන තත්ත්වය අත් විඳි කෙනෙක් හැටියට අත්දැකීම් සමඟ දේශපාලනය කිරීම සුදුසුය.

පිට්ටනියේ සේවකයින් හැමදාම ආදරය දිය යුතු සේවයක් රටට කරන පිරිසක් හැටියට ඔවුන්ගේ ජීවිත අභියෝගයට ලක් කරන කතා වෙනුවට පාර්ලිමේන්තුවේ කිසිවෙක් හෝ මේ දීමනාව සමඟ ඔවුන් ආසියානු කුසලානය වෙනුවෙන් කරන ලද සේවය අගයා වචනයක් කියා කතා කරනු ඇත්නම් ඒකට කිවිය හැක්කේ “මරු වැඩක්” ය.ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා රටාව අන්තිමටම කූජිත වී ශ්‍රී ලංකාව අත් විදි අපකීර්තිය යම් තරමකට හෝ වෙනස් කරමින් ලෝකයේම ප්‍රශංසාව ලංකාවට දිනා දෙන මේ ක්‍රිකට් පිටි සේවකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත කතා කර පාර්ලිමේන්තුවේ ඇගයීමක් දීමට තරම් සුදුසුය.ඔවුන්ගේ නම් කුසලානවල පලකවල එලේනනේ නැත.එහෙත් ඔවුන්ගේ හැම දහඩිය බිඳුවක්ම සාර්ථක ජයග්‍රහණ මෙන්ම සාර්ථකව නිමා කරන තරග වෙනුවෙන් වැය වන්නේය.ඒ කැපවීමට ඔවුන් ලබන ගෞරවය ලාභ දේශපාලනයේ කුප්ප කතාවන් වීමට එරෙහිව බහුතරයක් මෙවැනි මිනිසුන්ගේ ඡන්ද ඇති රටක පාර්ලිමේන්තුවක හඬවත් ක්‍රියාත්මක නොවීම ඒ මිනිසුන්ගේ පමණක් අවාසනාවක් නොවේය.

නමට වෙනසක් ඉල්ලා කෑ ගසා අද මේ ක්‍රිකට් පරිපාලනය වෙනස් වුවහොත් තව්තිසාව දැකිය හැකි වනු ඇතැයි සිතන අතාර්තික සැමටත් අදාළය.වෙනසක් ගැන හිතෙන තැනක් හැටියට මේ සේවකයින්ට මේ රටේ ජනතා සේවකයින් යැයි කියා ගන්න පිරිසි වචනයකින් හො පිදුමක් කළ යුතුය.ආසියානු අවසාන තරගය පැවති සුළු පන්දු ඕවර් ගණන තුළ සිතා ගන්නට බැරි වෙනසක් ඇති වන ආකාරයේ තණතිල්ලක් කියන බොරුව ජනගත කරන පිරිසට තිබෙන්නේ ඒ අවසාන තරගය පන්දු ඕවර් කීයකට සීමා වුවේද යන්න විමසා බැලීමය.ඒ නිසා ක්‍රීඩකයින් දෙස යම් සැකයිකින් බැලුව හැකි වුව ද,මේ මිනිසුන්ගේ කැපවීම ගර්හාවට ලක් කිරීමට තමන්ගේ ඉලක්ක වෙනුවෙන් වචන වීසි කරන්නන් හැදින්විය මැකි හොඳම නිර්වචනය අපට අනුව දුර්ජනයන්ය.

තණතිලි සම්බන්ධ ජාතික වගකිම දරන ග්‍රොඩ්පි දබරේරා අතින් ආර් ප්‍රේමදාස සේවකයෙක් සිය මුදල් ත්‍යාගය ලබා ගන්නා ආකාරයත්,සියලු ත්‍යාග මුදල් හිමිවීමෙන් පසු ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණ සේවක කණ්ඩායම සමූහ ඡායාරූපයකිට පෙනී සිටි අන්දමත් මේ සමඟ දැක්වෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan