හෙට (09) සිට සුරාසැල් විවෘතව තබන වේලාවන් වෙනස් වෙයි !

හෙට (09) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසැල් විවෘත කරන සහ වසනු ලබන වේලාවන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව, විදේශ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර වර්ගය යටතේ ඇති සුරාසල් පෙ.ව 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබෙනු ඇත.

එමෙන්ම පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය රහිත) පෙ.ව 10 සිට රාත්‍රී 11 දක්වා සහ පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය සහිත) ස්ථාන පෙ.ව 10 සිට රාත්‍රී 12 දක්වා විවෘතව පවතිනු ඇත.

මීට අමතරව සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත තරු තුන හෝ ඊට ඉහළ හෝටල් සඳහා පෙ.ව. 10 සිට පසුදින අළුයම 02 දක්වා මත්පැන් අලෙවි කිරීමට අවසර හිමිවේ.

විවිධ බලපත්‍ර යටතේ ඇති සුරාසැල් විවෘතව තැබෙන කාලසීමාවන් පිළිබඳ සම්පූර්ණ විස්තරය පහතින් දැක්වේ.

සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උපවගන්තියේ බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සංශෝධනය සිදුකර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...