වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදුන් මන්ත්‍රීවරුන්ට පෙබ. 21න් පසු නඩු!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ (LNW):

දූෂණ විරෝධී පනතේ 82 – 2 වගන්තිය අනුව , වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන ලෙස පාර්ලිමේන්තුව සියලුම මන්ත්‍රිවරුන්ට පසුගිය සතියේ ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන් වේ.

එම වගන්තියට අනුව මන්ත්‍රිධුරයේ දිවුරුම් දී මාස තුනක් ඇතුළත සිය ප්‍රකාශ ලබා දිය යුතු වන අතර, ප්‍රකාශ ලබා දිය යුතු අවසන් දිනය ලබන පෙබරවාරි මස 21 වැනිදා බව පැවසේ.

එම ප්‍රකාශ ලබා නොදෙන මන්ත්‍රිවරුන්ට විරුද්ධව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බලය ලැබෙන අතර, පසුගිය නව වැනි පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රිවරු වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී අවසන් කර ඇත. කිහිප දෙනකුගේ එම ප්‍රකාශ ලබා ගෙන ඇත්තේ අවස්ථා කිහිපයක දී කළ දැනුම් දීම්වලින් පසුව බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල වනසන්න හැදු ත්‍රස්තයින් 100කට වැඩි කණ්ඩායමක් කොටු වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සඳහා...

මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ හා වරප්‍රසාද මුදල් කප්පාදුකර සහන වඩපිළිවෙලට යොදන්න – මන්ත්‍රී රවීගෙන් යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කර ඇති රක්ෂණාවරණ ඉවත්...

ජනාධිපති ට්‍රම්ප් නයිජීරියාවේ ISIS ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ජනාධිපති ඩොනල්ඩ්...

ඇමති නලින්දට එරෙහිව විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...