වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදුන් මන්ත්‍රීවරුන්ට පෙබ. 21න් පසු නඩු!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ (LNW):

දූෂණ විරෝධී පනතේ 82 – 2 වගන්තිය අනුව , වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන ලෙස පාර්ලිමේන්තුව සියලුම මන්ත්‍රිවරුන්ට පසුගිය සතියේ ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන් වේ.

එම වගන්තියට අනුව මන්ත්‍රිධුරයේ දිවුරුම් දී මාස තුනක් ඇතුළත සිය ප්‍රකාශ ලබා දිය යුතු වන අතර, ප්‍රකාශ ලබා දිය යුතු අවසන් දිනය ලබන පෙබරවාරි මස 21 වැනිදා බව පැවසේ.

එම ප්‍රකාශ ලබා නොදෙන මන්ත්‍රිවරුන්ට විරුද්ධව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බලය ලැබෙන අතර, පසුගිය නව වැනි පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රිවරු වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී අවසන් කර ඇත. කිහිප දෙනකුගේ එම ප්‍රකාශ ලබා ගෙන ඇත්තේ අවස්ථා කිහිපයක දී කළ දැනුම් දීම්වලින් පසුව බවද වාර්තා වේ.