ජගත් මානව හිමිකම් දිනය වෙනුවෙන් UN කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්!

0
152

කොළඹ LNW:ජගත් මානව හිමිකම් දිනය සැමරීම සඳහා උතුරු දකුණු සහෝදරත්වය සහ තරුණ අයිතිවාසිකම් සාමූහිකය ඒකාබද්ධව සංවිධානය කරන උද්ඝෝෂණයක් අද (10)දා කොළඹ තුම්මුල්ල හන්දියේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය ඉදිරිපිටදී පැවැත්විය.

පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම,අතුරුදහන්වූවන් සඳහා යුක්තිය ඉටුකිරීම,දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කිරීම,ප්‍රතිත්‍රස්ත පනත හකුළා ගැනීම,ඇතුළු ඉල්ලීම් මුල්කරගෙන එය සංවිධානය කර තිබුණි.

උතුරු දකුණු සහෝදරත්වය සහ තරුණ අයිතිවාසිකම් සාමූහිකය නියෝජනය කරමින් ඊට පිරිස් එක්ව සිටියහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/698/North%20South%20Solidarity%20Protest