*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

අමා දිසානායක අසාධුලේඛනගත වෙයි! පොලිස්පති සමරිසි ප්‍රජාවගෙන් සමාව අයදියි!

ඉතිහාසයේ පටන් මේ දක්වා සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික සහ ප්‍රශ්ණභාවී ප්‍රජාව ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවට සිදුව ඇති මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සමාව අයැද ඇති බව වාර්තා වේ.

ඊයේ (09) දින ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව නියෝජනය කරමින් පැමිණි පාර්ශව, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම පිළිබඳ අමාත්‍යංශය සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී පොලිස්පතිවරයා මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවගේ ගැටළු ආමන්ත්‍රණය කිරීමට ශ්‍රී ලංකා පොලීසිය වශයෙන් පියවර ගන්නා බව ද හෙතෙම පොරොන්දු වී තිබේ.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව නියෝජනය කරමින් ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය, ශ්‍රී ලංකා ජාතික සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලය, යංග් අවුට් හියර් ශ්‍රී ලංකා භාරය සහ වෙනස සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලය සම්බන්ධ වී ඇති අතර, නොමිලේ නීති සහාය සපයන සංවිධානයක් වන අයිප්‍රොබෝනෝ සංවිධානය නියෝජනය කරමින් නීතීඥයන් ද සහභාගී වී ඇත. මෙම හමුවට සහභාගී වූ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර, කාන්තා, නීතිමය සහ මාධ්‍ය කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ද සහභාගී වී සිටීම විශේෂත්වයකි.  

විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව නියෝජනය කරමින් පැමිණි පාර්ශවයන්, ශාරීරික සහ ලිංගික හිංසනය ඇතුළු ශ්‍රී ලංකාවේ LGBTIQ මුහුණදෙන ප්‍රධාන අභියෝගයන් පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකර ඇති අතර, මෙරට පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය මත LGBTIQ ප්‍රජාවට මුහුණ පෑමට සිදුව ඇති වධහිංසා වලට අදාළ සිදුවීම්වලට උදාහරණ අයිප්‍රොබෝනෝ සංවිධානය විසින් අනාවරණය කර ඇත. මෙම සිදුවීම් අතර ප්‍රධාන වශයෙන්, LGBTIQ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන් බලහත්කාරයෙන් ගුද හා යෝනි මාර්ග ආශ්‍රිත වෛද්‍ය පරීක්ෂා වෙත යොමුකිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන් ශ්‍රී ලංකා පොලීසිය සමඟ කටයුතු කර ඇති ආකාරය ඇතුළත් වේ.

එමෙන්ම, LGBTIQ පුද්ගලයන් විසින් ප්‍රචණ්ඩත්වය සහ අපයෝජන ඇතුළු තමාට මුහුණ දීමට සිදුව ඇති අසාධාරණයන් පිළිබඳව පැමිණිලි කිරීමට පොලීසියට පැමිණි අවස්ථාවල එම පැමිණිලි භාර නොගැනීම සම්බන්ධ සිදුවීම් ද මෙහිදී දිගහැරිණි.

ශ්‍රී ලංකා ජාතික සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලය සහ වෙනස සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලය විසින් මෙරට සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට පොලීසිය විසින් සිදුකර ඇති ලිංගික සහ ශාරීරික ප්‍රචණ්ඩත්වයන්ට අදාළ සිදුවීම් හෙළිදරව් කර ඇති අතර, දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් වෙනත් අයෙකු ලෙස පෙනී සිටීමේ වරද (cheating by impersonation) නැමති නීතිය යොදාගනිමින් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් අත්අඩංගුවට ගත් අවස්ථා සඳහා ද නිදසුන් සපයා ඇත.

මෙවන් සිදුවීම් හටගන්නේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට තම සමාජභාවය වෙනස්කර ගැනීම සඳහා 2016 වර්ෂයේ පටන් නීතිමය අවකාශය ශ්‍රී ලංකාව තුළ සපයා ඇති පසුබිමක වීම ද විශේෂත්වයකි.

මෙම සිදුවීම්වලට සවන්දුන් පොලිස්පත් සී.ඩී. වික්‍රමරත්න මහතා එකී අයුක්තීන් පිළිබඳ සොයා බැලීමට අගතියට පත් පාර්ශවයන් වෙත පොරොන්දු වී ඇති අතර, ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා කටයුතු සහ නීතිමය කටයුතු භාර අංශ විසින් මේ සඳහා මැදිහත් වීමක් සිදුකරන බවට මාධ්‍ය නිවේදනයක් හරහාම නිල වශයෙන් තහවුරු කර ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ව්‍යවස්ථාපිත ඇපකරයන්ට ප්‍රකාරව විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට මුහුණ දීමට සිදුවන අසාධාරණයන් විසඳීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව චක්‍රලේඛයක් සකස් කරමින් සිටින බව ද පොලිසිය මෙම හමුවේදී තහවුරු කළේය.

2014, 2017, 2019 සහ 2022 යන වර්ෂවල නීතිපති දෙපාර්තමේන්තුව විසින් පිට පිට තහවුරු කර සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය හරහා විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් ආරක්ෂා වී ඇති බවත්, පවතින නීතිය යොදාගනිමින් එම ප්‍රජාවට වෙනස්කොට සැලකීම් සිදුකළ නොහැකි බවයි. එමෙන්ම එලෙස වෙනස්කොට සැලකීම් සිදුකරන නීතියක් තිබෙන්නේ නම් එය ව්‍යවස්ථා විරෝධී බව ද නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත්, පොලිස් හිංසනය, අනීතික අත්අඩංගුවට ගැනීම්, ආයතනික සමලිංගිකභීතිකාව (institutionalised homophobia) ඇතුළු LGBTIQ ප්‍රජාවට කෙණහිලිකම් සිදුවීමට අදාළ සිදුවීම් කාලාන්තරයක් පුරාවට ශ්‍රී ලංකාවේ තිබෙන බවට ඉකුත් කාලසීමාව තුළ වාර්තා පළවිණි.

මීට ආසන්නතම සිදුවීමක් වනුයේ, ඉකුත් 2021 වසරේ මහනුවර පොලිස් ශ්‍රවණාගාරය තුළ මනෝඋපදේශිකාවක් යැයි හඳුන්වාගන්නා තැනැත්තියක් වන අමා දිසානායක විසින් සමරිසි ප්‍රජාව ළමා කාමාතුරයන්ට සමාන කරමින් පැවැත්වූ ආන්දෝලනාත්මක පොලිස් සම්මන්ත්‍රණයයි. මෙම සිදුවීමෙන් පසු අමා දිසානායක නම් තැනැත්තිය තවදුරටත් මෙවන් පොලිස් උපදේශන සම්මන්ත්‍රණ පැවැත්වීම වළක්වාලමින් අසාධුලේඛනයගත කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය තහවුරු කරයි. ඈට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ද මේ වන විට අභියාචනාධිකරණයේ ක්‍රියාත්මක වෙමින් පවතී.

එමෙන්ම, වැඩිහිටි සමරිසි කාන්තාවක් ඇගේ දෙමාපියන් විසින් මහබාගේ පොලීසියේ සහාය ද ඇතිව ඈ මානසික රෝගයකින් පෙළෙන්නේ යැයි කියමින් බලහත්කාරයෙන් නිවාස අඩස්සියේ තැබීමේ සිදුවීමක් ද මෑත දින වාර්තා වී තිබිණි. මෙම සිදුවීමට අදාළ නඩුකරයේදී වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම නඩුව ද නිශ්ප්‍රභා කළ අතර, එහිදී සමලිංගිකත්වය මානසික රෝගයක් හෝ වරදක් නොවන බවට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් ඉදිරිපත් කළ තර්කය අධිකරණය විසින් පිළිගෙන තිබිණි.

2021 වර්ෂයේ දී, නාරාහෙන්පිට පොලීසිය විසින් ‘සමලිංගිකත්වය’ නැමති චෝදනාවක් මත අත්අඩංගුවට ගත් සමරිසි පිරිමි තිදෙනෙකුට අදාළව පැනවූ නඩුව නිශ්ප්‍රභා කිරීමට නීතිපතිවරයා විසින් මැදිහත් වීමක් සිදුකරන ලදී.

සබැඳි පුවත්: https://sinhala.lankanewsweb.net/12/10/36960/

සංස්කාරක (LGBTIQ)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan