කොළඹ පාසල් රතු කුරුස කනිෂ්ඨයන්ට පදක්කම් පළඳවයි!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා රතු කුරුස සමාජය කොළඹ ශාඛාව මගින් 2023 අධ්‍යයන වර්ෂය සදහා පාසල් කණිෂ්ඨ රතු කුරුස සාමාජිකයන් 500 පන්සියයකට පදක්කම් පැළඳවීම පසුගියදා (04) සිදු කෙරිණ.

ඒ,ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

හෝමාගම පිටිපන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය ශ්‍රී සෝරත ශාලාවේ මෙම උත්සවය පැවැත් විය.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව දිවයින පුරා පාසල් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක පාසල් කණිෂ්ඨ රතු කුරුස කවයන් පිහිටුවා සක්‍රීයව පවත්වා ගෙන යනු ලබයි.

මේ සඳහා පසුගිය දා පැවැත් වූ මූලික විභාගයට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් (44) හතලිස් හතරක් නියෝජනය කරමින් සිසුන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටි බව ශාඛා සංවර්ධන අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පැවසුවාය. මෙය මෙරට රතු කුරුස සමාජ ඉතිහාසයේ වැඩිම සිසු ප්‍රජාවක් රතුකුරුස මූලික විභාගයට පෙනී සිටි අවස්ථා බව ද කොතලාවල මහත්මිය පෙන්වා දුන්නාය.

මෙම රතු කුරුස මූලික විභාගය සමත් වී පදක්කම් සදහා සුදුසුකම් සැපිරූ සිසුන් අතරින් ඉහළ ලකුණු ලබා සමත් වූ සිසු සිසුවියන් (500) පන්සියයකට මෙදින පදක්කම් ප්‍රදානය සිදු කෙරිණ. මෙසේ පදක්කම් පන්සියයක් එකවර එක ස්ථානයක දී පැළඳූ ප්‍රථම අවස්ථාව මෙය බවත් විභාගය සමත් සෙසු දරු දැරියන්ට පදක්කම් පැළඳවීමේ උත්සව ඉදිරි මාසය තුළ පැවැත්වීමට බලාපොරොත්තු වන ජගත් අබේසිංහ මහතා පැවසීය.

එම අවස්ථාවට මධ්‍යම පාලක මණ්ඩල සමාජික උපාලි සිරිමාන්න මහතා, ආචාර්ය අමිල කංකානම්ගේ මහතා,අධ්‍යාපන අමාත්‍යංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශක නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිරෝෂා කන්නන්ගර මහත්මිය,ප්‍රවර්ධන කළමනාකරු මනෝජ් රුද්‍රිගු මහතා,කොළඹ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ ශාඛා සංවර්ධන අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය ද කොළඹ ශාඛා කමිටුවේ සාමාජිකයෝ  ද එක් වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...