*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

කැන්ඩි ජයග්‍රාහී වාර්තාව ගාල්ලෙන් බිඳ වැටෙයි

එල්පීඑල් තරගාවලියේ ඊයේ පැවති තරගවලදී ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම සහ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුණා.එහිදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට පළමු පරාජය අත් කර දෙන්නට ඊයේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හැකි වුණා.ඒ ලකුණු 12 ක තියුණු ජයග්‍රහණයක් ලබමින්.කාසියේ වාසිය හිමි වූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කිරීමෙන් පසුව තරගාවලිය පුරාම සිය පිත්තෙන් සාධාරණ දායකත්වයක් ලබා දෙමින් සිටි නායක කුසල් මෙණ්ඩිස්ට සිදු වූයේ මෙම තරගයේී අසාර්ථක වීටමයි.ඔහු ලකුණු 1 ක් ලබා සිටියදී කාලෝස් බ්රේත්වයිට් ට ගොදුරු වුණා.
නමුත් නායකයාගේ පිත්තෙන් ලැබෙන්නට තිබුණ දායකත්වය අහිමි කිඑීමේ වාඩුව ගන්නට තනුක දාබරේ ක්‍රියාත්මක වෙන්නට පටන් ගත්තා.එහෙත් අනෙක් අන්තයෙන් නොලැබුණු සහය නිසා ගොල් ගුලැඩියේටර්ස් කණ්ඩායම පන්දු ඕවර් 3.3 ක් පසු කරද්දී සිටියේ කඩුලු 4 ක් දැවී ලකුණු 10 ක් ලෙසයි.එතැන් පටන් ඒ වන විට බ්රේත්වයිට් සහ ඉසුරු උදාන එල්ල කර තිබූ පීඩනයෙන් ක්‍රමයෙන් එළියට පැමිණි තනුක සහ නුවනිදු ප්‍රනාන්දු 18 වන පන්දු ඕවරයේ අවසාන පන්දුව වන විට ලකුණු පූවරුව 123 දක්වා ගෙන ආවා.18 වන ඕවරයේ අවසාන පන්දුවට පන්දු 50 ක් තුළ ලකුණු 56 ක් ලබා සිටි නුවනිඳු දැවී යන විට පස්වන කඩුල්ලට එකතු කරගෙන සිටි කඩුලු සම්බන්ධය 113 ක් වී තිබුණා.

එතැන සිට වඩාත් වේගවත් වූ තනුක දාබරේ අවසාන පන්දු ඕවර් දෙක තුළ ලකුණු 30 උඳුරා ගන්නට සමත් වූ අතර තරගයේ විසිවන පන්දු ඕවරයේ අවසාන පන්දුවට තනුක දුවද්දී දැවී යන විට ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ඔහු ලබා දී තිබූ දායකත්වය පන්දු 51 ට ලකුණු 70 ක් සේ සටහන් වී තිබුණ අතර එම කණ්ඩායමේ ලකුණු පූවරුව කඩුලු 6 ට ලකුණු 153 ක් සේ දැක් වුණා.පන්දු යැවීමේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් සිය පන්දු ඕවර් 4 ලකුණු 17 ට සීමා කළ ක්ලෝස් බ්රේත්වයිට් කඩුලු 3 ක් දවා ගෙන සිටි අතර ඉසුරු උදාන ලකුණු 19 ක් ලබා දී කඩුලු දෙකක් දවා ගෙන සිටියා.
පිළිතුරු ඉණිමට පිවිසි ෆැල්කන්ස් ඉණිමේ පැතුම් නිශ්ශංක ලකුණු 29 ක් ලැබුව ද ඉන් අනතුරුව පැමිණි පිතිකරුවන් ඉදිරියේ සඳහන් වූයේ එක් ඉලක්කමක වටිනාකමක්.අශේන් බණ්ඩාර හුදෙකලා සටනක නිරවෙමින් තරගය නිමා වන විට නොදැවී ලකුණු 41 රැස් කරගෙන සිටියේ පන්දු 30 ක් වැය කරමින්.15 වන පන්දු ඕවර්යේ 2 වන පන්දුවට බ්රේත්වයිට් දැවී යද්දී ෆැලකන්ස් ලකුණු පූවරුව සටහන් වූයේ කඩුලු හයකට ලකුණු 70 ක් හැටියටයි.එතැන් සිට පන්දු පන්දු 25 දී ලකුණු 56 ක් එක් කරන්නට අශේන් සමඟ එකව කටයුතු කළ චාමික කරුණාරත්න පන්දු 15 දී ලකුණු 32 ක් එක් කරමින් ෆැල්කන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැඟෙන යන්නට උත්සාහ කළ ද ඔහු තරගය නිම වෙන්නට පන්දු 9 ක් තිබියදී දුවද්දි දැවී ගියා.ඒ වන විට පන්දු 9 දී ලකුණු 28 ක් ජයග්‍රහණයට අවශ්‍යයව තිබුණත් චාමිකගේ දැවී යාමෙන් පසුව වේගවත් බවෙන් ඇත් වුණ ෆැල්කන්ස් කණ්ඩායමට එම පන්දු නවය තුළ එකතු කර ගන්නට ලැබුණේ ලකුණු 15 ක් පමණයි. ඒ අනුව කඩුලු 7 ක් දැවී ලකුණු 141 ලැබූ ෆල්කන්ස් කණ්ඩායමට ලකුණු 12 ක පරාජයක් භාර ගන්නට සිඳු වුණා.

ඊයේ පැවති දෙවන තරගය ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සහ කළම්ඹු ස්ටාර්ස් කණ්ඩායම අතර පැවත්වුණා.එහිදි විශේෂත්වය වුණේ පළමුව පන්දුවට පහර දුන් ජැෆ්න කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවන් පස් දෙනෙක්ම ලකුණු 25 ඉක්මවා ලබා ගැනීමෙන් දුන් දායකත්වයයි.රහ්මදුල්ලා ගුර්බාස් ලකුනු 17 ක් ලබා ගත්තත් එය පන්දු 11 ක් තුළ වාර්තා වූ අතර අවිශ්ක ප්‍රනාන්දු (32),අශාන් රන්දික (27),සදීර සමරවික්‍රම (32),ෂොහිබ් මලික් (නොදැවී 35) සහ තිසර පෙරේරා (29) දැක් වූ දායකත්වය නිසා පන්දු ඕවර් 20 අවසානයේ කින්ග්ස් ලකුණු පූවරුව කඩුලු 5 ට ලකුණු 178 ක් සේ දිස් වුණා.පන්දු යැවිමේ කාර්යේදී බෙනී හෝල් ස්ටාර්ස් කන්ඩායම වෙනුවෙන් කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 37 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉණිමට පිවිසි කළම්ඹු ස්ටාර්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් එකතු කරමින් සිටි නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කරන්නට තිසර පෙරේරා සමත් වුණා.ඒ සමඟම ක්‍රමයෙන් බිඳ වැටෙන්නට වුණ ස්ටාර්ස් තරු අතර හුදෙකලාව දීප්තිය විහිඳුවමින් නායක ඇන්ජලෝ මැතිවිස් විශිෂ්ඨ සටනක නිරත වුණා.එහෙත් ඔහුට සාර්ථක සබඳතාවයකට හවුල්කරුවෙක් හමුවන්නේ 3 වන පන්දු ඕවරයේ තුන්වන පන්දුවේ සිටයි.ඒ වන විට කඩුලු හතක් ලකුණු 67 ක ට අහිමිව සිටි ස්ටාර්ස් කණ්ඩායම බලාපොරොත්තු නොවුණ අයුරෙන් අටවන කඩුල්ලට ලකුණු 90 ක සබඳතාවයක් පවත්වනවා.බෙනී හෝල් එහිදී පන්දු 20 ක් තුළ ලබාදෙන දායකත්වය ලකුණු 43 ක්.ඒ සහයෙන් පන්දු ඕවර් 20 නිමා වන විට කඩුලු 8 ට ලකුණු 172 ක් ලබා ලකුණු හයක සියුම් පරාජයකට උරුමකම් කියන ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු 38 දි ලකුණු 73 ක් රැස් කළ මැතිවිස් නොදැවී සිටියා.
තරගයේ වීරයා බවට පත් වුණේ ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 32 ට කඩුු 2 ක් දවා ගත් ජේම්ස් ෆුලර්.විජයකාන්ක් වියස්කාන්ත් ද එම ලකුණු ප්‍රමාණයම ලබා දෙමින් කඩුලු දෙකක් දවා ගන්නට සමත් වුණා.ඡායාරූපයේ දැක්වෙන්නේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට පළමු පරාජය අත් කර දෙන්නට මූලිකත්වය ගනිමින් විශිෂ්ඨ ඉණිමක් ක්‍රීඩා කළ තනුක දාබරේ යි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan