සෞඛ්‍ය ලේකම්ගේ මැදිහත්වීමෙන් ඇස් රෝහලේ වර්ජනය නවතියි!

Date:

කොළඹ LNW: ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා වැඩවර්ජනයක නියැලීමට කටයුතු කර තිබුණ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ එම රෝහලේ අධ්‍යක්ෂක හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර පැවති සාකච්ජාවෙන් අනතුරුව වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ගැටලුවලට විසඳුම් දීමට එම සාකච්ජාවේදී සෞඛ්‍ය ලේකම්වරයා පොරොන්දු වී ඇත.

පෙරවරු 08.00ට වැඩ වර්ජනය පැවැත්වීමට සැලසුම් කර තිබුණ නිසා රෝගීන් සඳහා තුණ්ඩු ලබාදීම උදෑසන 5.30 සිට සිදුවී නොමැත නිසා අද උදෑසන රෝගීන් අපහසුතාවට පත්වී නැවතත් නිවෙස් කරා යන තත්ත්වයක් දක්නට ලැබුණි.

මෙම වැඩ වර්ජනයට ප්‍රධාන හේතුව පරිපාලන නිලධාරීන්ගේ දූෂණ සහ අක්‍රමිකතා වන අතර මෙම දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධව ඉතා නිද්‍රාශීලීව ක්‍රියාපටිපාටියක් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීම නිසා වැඩ වර්ජනයට කැඳ වූ බව ජාතික අක්ෂි රෝහලේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේය.

වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ රෝගීන් අපහසුතාවට පත්වන නිසා තුණ්ඩු නිකුත් කිරීම සිදු නොවුනු බවයි. මේ නිසා යම් තරමක වැඩ වර්ජනයක් උදෑසන අට දක්වා ක්‍රියාත්මක වූ බව ඔහු පැවසුවේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...