*
Friday, May 3, 2024
spot_img

Latest Posts

සතොසින් භාණ්ඩ 10 ක් අඩුවට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වර්ෂ අවසානයේ  එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා ඇත.

ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසන්නේ , අද (15) සිට එම මිල අඩුකිරීම් දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක බවයි.

ඒ අනුව – :

සතොස කිරිපිටි මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල 940කි.

ආනයනික ටින් මාළු ග්‍රෑම් 425 මිල රුපියල් 55කින් අඩුකර ඇත. 

ග්‍රෑම් 155 ටින් මාළු මිල රුපියල් 10කින් අඩුකර තිබේ.

දේශීය ටින්මාළු ග්‍රෑම් 425 රුපියල් 20කින් මිල අඩුකර ඇත.

අනයනික සහ දේශීය අල මිල රුපියල් 15කින් අඩුකර තිබේ. 

රතු නාඩු සහ සුදු නාඩු සහල් කිලෝ එකක මිල රුපියල් 15කින් සහ රුපියල් 05කින් අඩුකර ඇත.

කඩල කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර තිබේ.

ජනතාවට අඩුම සීනි මිල සතොස හරහා ලබාගත හැකි බවත් සීනි කිලෝවක් රුපියල් 275කට අලෙවි කරන බවත් සතොස නිවේදනය කරයි.

බිත්තරයක් රුපියල් 35කට ලබාදීමටත් තීරණය කර තිබේ.

ළූණු කිලෝවක මිල රුපියල් 400ක මිලට පහළින් පවත්වාගෙන යෑමට කටයුතු කරන බවත් සතොස දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan