ADB වෙතින් CEB වෙත ඩොලර් මිලියන 150ක්!

Date:

කොළඹ LNW:ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට ඩොලර් මිලියන 150 ක ණයක් ලබා දී තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේදී අනුමත කළ එම ණය මුදල සදහා ගිවිසුම් අත්සන් කිරීම අද (19) සිදුකළ බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ඒකකය පවසන්නේ.

එම ණය මුදල මඟින් මෙරට විදුලි පද්ධතියේ ස්ථායිතාවය වැඩිදියුණු කිරීම සදහා අත්‍යවශ්‍ය ව්‍යාපෘති ගණනාවක් සිදුකිරීමට සැලසුම් කර ඇති අතර තවද ඉදිරියේදී අප රට තුළ ඉදිකිරීමට නියමිත විශාල ප්‍රමාණයේ පුනර්ජනනීය ව්‍යපෘති පද්ධතිය වෙත එක්කර ගැනීම සදහා අත්‍යවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ව්‍යාපෘති ගණනාවක්ද ඉදිකිරීමට නියමිතව ඇත.

යෝජිත ව්‍යාපෘති ලෙස නව ග්‍රිඩ් උපපොළවල් 6 ක් ඉදිකිරීම,87 km දිග ද. වො. 132 සම්ප්‍රේෂණ රැහැන් මා ර්ග ඉදිකිරීම,45 km දිග ද. වො. 220 සම්ප්‍රේෂණ රැහැන් මා ර්ග ඉදිකිරීම,දැනට පවතින ග්‍රිඩ් උපපොළවල් දෙකක ධාරිතාව වැඩි කිරීම ආදිය දක්වා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය හා එහි අනුබද්ධිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම, මිලියන 7.5 ක් වු පාරිභෝගික සංඛ්‍යාවකට විදුලිය බෙදා හරිනු ලබයි. බෙදාහැරිම් පද්ධතිය හා විදුලි බලාගාර සම්බන්ධ කරන ලංකා විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ ජාලය කිමි 3400 ක් වු සම්ප්‍රේෂණ රැහැන් මාර්ග හා ග්‍රිඩ් උපපොළ 90 කින් සමන්විත වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ පැවැති මහ...