ADB වෙතින් CEB වෙත ඩොලර් මිලියන 150ක්!

Date:

කොළඹ LNW:ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට ඩොලර් මිලියන 150 ක ණයක් ලබා දී තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේදී අනුමත කළ එම ණය මුදල සදහා ගිවිසුම් අත්සන් කිරීම අද (19) සිදුකළ බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ඒකකය පවසන්නේ.

එම ණය මුදල මඟින් මෙරට විදුලි පද්ධතියේ ස්ථායිතාවය වැඩිදියුණු කිරීම සදහා අත්‍යවශ්‍ය ව්‍යාපෘති ගණනාවක් සිදුකිරීමට සැලසුම් කර ඇති අතර තවද ඉදිරියේදී අප රට තුළ ඉදිකිරීමට නියමිත විශාල ප්‍රමාණයේ පුනර්ජනනීය ව්‍යපෘති පද්ධතිය වෙත එක්කර ගැනීම සදහා අත්‍යවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ව්‍යාපෘති ගණනාවක්ද ඉදිකිරීමට නියමිතව ඇත.

යෝජිත ව්‍යාපෘති ලෙස නව ග්‍රිඩ් උපපොළවල් 6 ක් ඉදිකිරීම,87 km දිග ද. වො. 132 සම්ප්‍රේෂණ රැහැන් මා ර්ග ඉදිකිරීම,45 km දිග ද. වො. 220 සම්ප්‍රේෂණ රැහැන් මා ර්ග ඉදිකිරීම,දැනට පවතින ග්‍රිඩ් උපපොළවල් දෙකක ධාරිතාව වැඩි කිරීම ආදිය දක්වා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය හා එහි අනුබද්ධිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම, මිලියන 7.5 ක් වු පාරිභෝගික සංඛ්‍යාවකට විදුලිය බෙදා හරිනු ලබයි. බෙදාහැරිම් පද්ධතිය හා විදුලි බලාගාර සම්බන්ධ කරන ලංකා විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ ජාලය කිමි 3400 ක් වු සම්ප්‍රේෂණ රැහැන් මාර්ග හා ග්‍රිඩ් උපපොළ 90 කින් සමන්විත වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ලියාපදිංචියේදී හා පැවරීමේදී TIN අංකය අනිවාර්යයයි

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී...

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...