මේක කළු කඩයටත් එහා යන විදුලි බිල වැඩිකිරීමක් – ඒකකයක ගණන ආනන්ද හෙළිකරයි (VIDEO)

Date:

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ බැස ඇති ආකාරය අනුව දේශීය ඉන්ධන මිල අඩුකිරීමට පැහැදිලිවම හැකියාව ඇති බවත් එසේ ඉන්ධන මිල අඩු කළේ නම් විදුලි බිල් වැඩිකිරීමට කිසිදු වුවමනාවක් නොමැති බවත් සමගි වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

“මේ වනවිට ඉන්ධන මිල අඩු කළ යුතුයි. අඩු කළ හැකියි. අන්තිමට ඉන්ධන මිල අඩු කරපු දවසේ ඉඳලා මේ වෙනකොට ඩොලර් 40කට වඩා බොරතෙල් සහ පෙට්‍රල් ඇතුළු පිරිපහදු ඉන්ධන මිල අඩුවෙලා තියෙන්නෙ. ඉන්ධන මිල අඩුකෙරුවා නම් නැප්තා, දැවිතෙල්, ඩීසල් අඩුමිලට විදුලිබල නිෂ්පාදනයට දෙන්න පුළුවන්. එතකොට විදුලි බිල වැඩිකිරීම නෙවෙයි විදුලි බිල අඩුකරන්න පුළුවන්. දැන් මේ ගේන විදුලි බිල වැඩිකිරීමේ පනත අනුව ඒකක 01 – 30 දක්වා රුපියල් 8 කියන එක රුපියල් 50ක් වෙනවා. ස්ථාවර ගාස්තු 1500 යි. ඒ කියන්නෙ ඒකක 30ක් පාවිච්චි කරන කෙනෙක් රුපියල් 3000ක් ගෙවන්න ඕනෙ. හරිගාණ රුපියල් 100ක් වෙනවා යුනිට් එකකට. එහෙනම් මේක කළු කඩයට එහා ගිය මිල වැඩිකිරීමක් නෙවෙයිද ? මේ මිල වැඩි කරන්නේ විදේශීය පුද්ගලික සමාගම්වලට බලාගාර විකුණන්නයි. මිල වැඩි කරනවා නම් එක්කෝ මිල සූත්‍රයක් එන්න ඕනෙ”

ආනන්ද පාලිත මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෝන්ඩර්ස් සහ පෙලිකන්ස් දෙපසින් අපරාජිතව පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: ක්‍රියාත්මක චැම්පියන්ස් ජාතික පාපන්දු...

යළි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඕනේ නෑ. කරන්න ඕනේ මෙච්චරයි – මහා බැංකු අධිපතිගේ සහතිකය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය වසර තුනේ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල ඉදිරියටත්...

මහනුවර යළි පිබිදෙයි – ශ්‍රී ලයන්ස්ට තවත් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: මහනුවර ක්‍රීඩා සමාජය ගෙවුණු...

ගෙන ඒමට නියමිත නව පනතක් ගැන ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පැවසූ දේ…

රෂිකා හෙන්නායක ජනවාරි 19 , කොළඹ LNW : ත්‍රස්තවාදය වැළැක්වීමේ...