මේක කළු කඩයටත් එහා යන විදුලි බිල වැඩිකිරීමක් – ඒකකයක ගණන ආනන්ද හෙළිකරයි (VIDEO)

Date:

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ බැස ඇති ආකාරය අනුව දේශීය ඉන්ධන මිල අඩුකිරීමට පැහැදිලිවම හැකියාව ඇති බවත් එසේ ඉන්ධන මිල අඩු කළේ නම් විදුලි බිල් වැඩිකිරීමට කිසිදු වුවමනාවක් නොමැති බවත් සමගි වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

“මේ වනවිට ඉන්ධන මිල අඩු කළ යුතුයි. අඩු කළ හැකියි. අන්තිමට ඉන්ධන මිල අඩු කරපු දවසේ ඉඳලා මේ වෙනකොට ඩොලර් 40කට වඩා බොරතෙල් සහ පෙට්‍රල් ඇතුළු පිරිපහදු ඉන්ධන මිල අඩුවෙලා තියෙන්නෙ. ඉන්ධන මිල අඩුකෙරුවා නම් නැප්තා, දැවිතෙල්, ඩීසල් අඩුමිලට විදුලිබල නිෂ්පාදනයට දෙන්න පුළුවන්. එතකොට විදුලි බිල වැඩිකිරීම නෙවෙයි විදුලි බිල අඩුකරන්න පුළුවන්. දැන් මේ ගේන විදුලි බිල වැඩිකිරීමේ පනත අනුව ඒකක 01 – 30 දක්වා රුපියල් 8 කියන එක රුපියල් 50ක් වෙනවා. ස්ථාවර ගාස්තු 1500 යි. ඒ කියන්නෙ ඒකක 30ක් පාවිච්චි කරන කෙනෙක් රුපියල් 3000ක් ගෙවන්න ඕනෙ. හරිගාණ රුපියල් 100ක් වෙනවා යුනිට් එකකට. එහෙනම් මේක කළු කඩයට එහා ගිය මිල වැඩිකිරීමක් නෙවෙයිද ? මේ මිල වැඩි කරන්නේ විදේශීය පුද්ගලික සමාගම්වලට බලාගාර විකුණන්නයි. මිල වැඩි කරනවා නම් එක්කෝ මිල සූත්‍රයක් එන්න ඕනෙ”

ආනන්ද පාලිත මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...