ගුවන් යානා ඉන්ධන ඕන නං ඩොලර්වලින් ගෙවන්න – තෙල් සංස්ථාව ශ්‍රීලංකන් බළධාරීන්ට දැනුම් දෙයි

Date:

ගුවන් යානා සඳහා භාවිතා කරන ඉන්ධන තවදුරටත් අවශ්‍ය නම් ඒ සඳහා වන මුදල් ඇමරිකානු ඩොලර්වලින් ගෙවීමට කටයුතු කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙත දැනුම් දී තිබෙනවා. තෙල් සංස්ථාව දැවැන්ත මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බැවින් තවදුරටත් ණය පදනම මත ඉන්ධන ලබාදිය නොහැකි බව දැනුම් දී තිබෙනවා.

ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත මේ වනතෙක් ලබා දී ඇති ඉන්ධන සඳහා ගෙවිය යුතු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 330 ඉක්මවා ගොස් තිබේ.

මෙම දැනුම්දීම මත ඉදිරි ඉන්ධන මිලදී ගැනීම් වෙනුවෙන් ඩොලර් ගෙවීමට ශ්‍රීලංකන් බළධාරීන් එකඟතාවය පළකර ඇති බවද වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය වෙත ලබාදෙන දැවිතෙල් සඳහාද ඩොලර්වලින් ගෙවීම් කරන ලෙස තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසූ බව කී පිට්ටනියේ ගැසූ පාපන්දුවල ජයග්‍රහණ සෝන්ඩර්ස්ට සහ මුතුවැල්ලට

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW: බසනාහිර පළාත් පාපන්දු සම්මේලනය...

වෙනිසියුලාවේ තවත් ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

රෂිකා හෙන්නායක ජනවාරි 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ මධුරෝ...

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...