පියාගේ සහ බාප්පාගේ පහරදීමකින් 14 හැවිරිදි දැරියක් මරුට !

Date:

සිය පියාගෙන් සහ බාප්පාගෙන් පහර කෑමට ලක්වූ 14 හැවිරිදි දැරියක් මියගිය පුවතක් ඊයේ (21) ගම්පොල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොල, මවුන්ට්ටෙම්පල් ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවියකි.

ඇගේ බාප්පා විසින් මුලින්ම ඇයට අමානුෂික පහරදී තිබුණු අතර ඉන් රෝගී වූ දැරිය කෙඳිරිගාමින් සිටියදී නිදාගැනීමට නොදෙන බව පවසමින් ඇගේ පියා යළි ඇයට පහරදී ඇති බව සඳහන්.

පහරකෑම හේතුවෙන් අසනීප තත්වයෙන් පසුවූ දැරිය රෝහල්ගත කිරීමට ද ඇගේ පියා ඉඩදී නොමැති අතර අවසානයේ අසල්වාසීන්ගේ මැදිහත් වීමෙන් ඇයව ගම්පොල රෝහලට ඇතුළත් කළ ද ඇය මියගොස් ඇත.

දැරියගේ පියා සහ බාප්පා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ගම්පොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

SM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?

සටහන – පුලී දෙසැම්බර් 17, කොළඹ (LNW):  The Animal මෙන්ම මෑත...

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...