පියාගේ සහ බාප්පාගේ පහරදීමකින් 14 හැවිරිදි දැරියක් මරුට !

0
395

සිය පියාගෙන් සහ බාප්පාගෙන් පහර කෑමට ලක්වූ 14 හැවිරිදි දැරියක් මියගිය පුවතක් ඊයේ (21) ගම්පොල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොල, මවුන්ට්ටෙම්පල් ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවියකි.

ඇගේ බාප්පා විසින් මුලින්ම ඇයට අමානුෂික පහරදී තිබුණු අතර ඉන් රෝගී වූ දැරිය කෙඳිරිගාමින් සිටියදී නිදාගැනීමට නොදෙන බව පවසමින් ඇගේ පියා යළි ඇයට පහරදී ඇති බව සඳහන්.

පහරකෑම හේතුවෙන් අසනීප තත්වයෙන් පසුවූ දැරිය රෝහල්ගත කිරීමට ද ඇගේ පියා ඉඩදී නොමැති අතර අවසානයේ අසල්වාසීන්ගේ මැදිහත් වීමෙන් ඇයව ගම්පොල රෝහලට ඇතුළත් කළ ද ඇය මියගොස් ඇත.

දැරියගේ පියා සහ බාප්පා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ගම්පොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

SM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here