*
Friday, April 26, 2024
spot_img

Latest Posts

එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ ( 8) රැඳවියන් බලධාරීන්ට එරෙහිව නඩු පවරයි

පෙර සතියේ නැවතුන තැන් සිට ….

මුළුතැන්ගෙයි පාලනය රැඳවියන්ට ලැබුන ප්‍රවෘත්තිය ජයේ අයියා විසින් දැනුම් දුන් පසුව කඳවුරේ රැඳවියන් ජයඝෝසා කරන්නට විය. මෙහිදී නැවතත් හඬ අවදිකල ලෙස්ලි අයියා රැඳවියන්ට අවදාරනය කර සිටියේ මෙය උද්දාමයට පත්විය යුතු මහා ජයග්‍රහණයක් නොවන බවත් මෙයින් අපි උද්දාමයට පත්වන බව නිලධාරීන්ට සන්නිවේදනය වියයුතු නැති බවත් නිදහස් වීම සඳහා වන ප්‍රධාන අරගලය ඇත්තේ ඉදිරියේදී බවත්ය.

අනතුරුව ඔහු දැන් රැඳවියන් සිටින්නේ ඝන ආහාර ගත හැකි තත්වයක නොවන බැවින් සුප් වැනි දියර ආහාරයක් මුලින්ම ලබාදෙන ලෙස ජයේ අයියා හරහා පරිපාලනයට දන්වා සිටියේය. එහිදී පරිපාලනය විසින් පලමු ආහාරය ලෙස එළවලු තැම්බූ සුප් වතුරත් ඊළඟ වේලට සාමාන්‍ය ආහාරයක්ද ලබාදී අනතුරුව මුළුතැන්ගෙය රැඳවියන්ට බාරදෙනු ලැබීය.

එසේම මේ ජයග්‍රහණයේ ප්‍රතිපලයක් ලෙස මුළුතැන්ගෙයි පාලනය රැඳවියන් අතට පත්වීමෙන් පසුව අපට පෙර ලැබුන ආහාරවලට වඩා රසවත් හා ප්‍රමාණවත් ආහාරයක් ලැබුනි.

ඇත්තෙන්ම මේ අරගලය ජයග්‍රහණය දක්වාම රැගෙන යාමේදී ඊට අවශ්‍ය සංවිධාන ශක්තිය, මගපෙන්වීම, ධෛර්ය, මේ සියල්ලේ සම්පත් දායකයා වූයේ ලෙස්ලි අයියාය. ඔහු අසූතුනේදී පක්ෂය සන්නද්ධ වීමට ගත් තීරණය විවේචනය කොට පක්ෂයෙන් ඉවත්වුවද ඔහු හමුදාව විසින් අත් අඩංගුවට ගෙන (මැගසින්) බන්ධනාගාර ගතකරන ලදී. එහිදීද ඔහු අසූඅට වර්ශයේ පක්ෂයේ අතිධාවනකාරී නරෝද්නික් ක්‍රියාමාර්ග විවේචනය කර පක්ෂ නායකත්වයට ලේඛන යවා ඇත.

ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්දව එදා පවා ඔහු සිටියේ සුළු ජනවාර්ග වල පීඩනය සම්බන්දව සංවේදී අස්තානයකය. කඳවුරේ අප අතර පැවති ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ද සාකච්චාවලදී ඔහු පවසා සිටියේ පීඩිත ජාතියේ ජාතිවාදය සහ පීඩක ජාතියේ ජාතිවාදය එක සමාන නොවන බවයි. මෙහිදී ඔහු උදාහරණ ලෙස ගෙන හැර දැක්වූයේ මාක්ස් අයර්ලන්ත අරගලය දෙස බැලූ ආකාරයයි.

එදා ඒ මොහොතේ ඔහුගේ දර්ශනය හා දේශපාලනය පිළිඹඳ අවබෝදයේ අහලකටවත් ආසන්න වියහැකි කිසිවෙකු හෝ කඳවුර තුල නොසිටි බවද මෙහිදී මම සඳහන් කල යුතුව ඇත. ඇත්තවශයෙන්ම ඔහු ඇවිදින දැවැන්ත පුස්තකාලයක් විය. එසේම දක්ෂ සංවිධායකයෙක්ද විය. ජ.වි.පෙ. ඉතිහාසයේ නමක් නොතබාම නික්මගිය මේ දැවැන්තයාට උපහාර දැක්වීමට මේ කුඩා ලේඛණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද මම හොඳින්ම දනිමි.

මේ මුළුතැන්ගෙයි සටනින් පසුව කඳවුර තුල සිදුවූ තවත් විශේෂ සිද්දයක් නම් අප විසින් (රැඳවියන් දිගින්දිගටම රඳවාතබාගැනීමට එරෙහිව ) මානවහිමිකම් නඩු පැවරීම සඳහා ලිඛිතව පනිවිඩ යවා තිබූ නීතිඥ සංගමය කඳවුර තුලට පැමිණීමේ සිද්දියයි. එහිදී ඔවුන් විසින් සියළු රැඳවියන්ගේ තොරතුරු සටහන් කරගෙන කඳවුරෙන් ගිය ඉක්බිති රැඳවියන්ගේ මානවහිමිකම් අභියෝගයකට ලක්වීම සම්බන්දව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිලි කොට තිබින.
එහි ඉල්ලීම වූයේ චෝදනා ඇත්තවුන් නිකරුනේ රදවාතබා ගැනීමෙන් වැලකී ඔවුන්ගේ නඩු කටයුතු ක්‍රියාත්මක කරන ලෙසත් චෝදනා රහිතව රඳවාතබාගෙන සිටිනවුන් වහා නිදහස් කරන ලෙසත්ය.

මේ ක්‍රියාමාර්ගයේ ප්‍රතිපලයක් ලෙස චෝදනා නැත්තවුන් නිදහස්වීම කෙසේ වෙතත් සැලකියයුතු ලෙස චෝදනා ඇත්තවුන්ට නඩු පැවරෙන බව පරිපාලනය හරහා දැනගන්නට ලැබින.
(ඇතමුන්ට සිතාසිද ලැබින) මේ තත්වය හේතු කොටගෙන ශාක්ෂි සහිත බරපතල චෝදනා ඇති රැඳවියන් අතර පලායෑම පිළිබඳ කසුකුසුවක් ද ඇතිවී තිබින.

මේ පසුබිම තුල ඉතාම ශූක්ෂම අන්දමින් පලාගිය පුත්ගලයා වූයේ මාතලේ ඩයස්ය. (88,89 කාල සීමාව තුලදී ඔහු මාතලේ දිස්ත්‍රික්කයේ ජ.වි.පෙ. ශිෂ්‍ය අංශයේ පූර්ණකාලිකයකු ලෙස කටයුතු කර තිබින.)

මෙහිදී ඔහුගේ මූලික උපාය වූයේ තමුන් බරපතල හෘදයාබාදයකින් පෙලෙන බව පරිපාලනයට හඟවා මහනුවර මහ රෝහලට ඇතුල්වීමයි. එහිදී ඔහු වාට්ටුවේ වෛද්‍යවරයෙකු හිතවත් කරගෙන ක්ලිනික් කාඩ්පතක් ද ලියවාගෙන තිබින.

රෝහලේ සිට ඔහු කඳවුරට රැගෙන ඒමේන් පසුද නිලධාරීන් විසින් වරින් වර ඔහුව ක්ලිනික් සඳහා ද රැගෙන ගියේය. විටින් විට මේ රෝහල් යන අතරවාරයේදී රැඳවියන් දෙදෙනෙකු එකට ඈඳා වැටෙන මාන්චු කුට්ටම පිළිඹඳව සමීක්ෂණයේ යෙදී ඇති ඔහු මාන්චු හැර ගැනීම සඳහා විශේෂ යතුරක් නිර්මාණය කරගෙන තිබින. මේ සඳහා ඔහු බාවිතාකර තිබුනේ කඳවුරේ කම්බි වැටෙන් කඩාගත් කුඩා කම්බි කැබැල්ලක් සහ පොල්කටු කැටයම් සඳහා රැඳවියන් බාවිතාකල කුඩා පීරක් පමණි.

එක් දිනක් වෛද්‍ය සායනය සඳහා ඔහුව රැගෙන යමින් සිටියදී මහරෝහල තුලදීම ඔහු මාන්චු ගලවාගෙන අවිගත් බටයන් සිව්දෙනෙකුට ද පහරදී පලාගොස් තිබින. ඉතාම උපායශීලී පුත්ගලයෙකු වූ ඔහු නැවත අත් අඩංගුවට පත්වූයේද නොමැත.

මෙහිදී මේ පලායෑම් මාරාන්තික වනබව ඕනෑම කෙනෙකුට තේරෙන කාරනයකි. මන්ද යම් හෙයකින් පලායෑමේ වෑයම වැරදුනහොත් වෙඩි ප්‍රහාරයකට ලක්ව මියයෑමට සිදුවන්නේය.

වෙඩි ප්‍රහාරයකින් ගැලවී නැවත අත් අඩංගුවට පත් උවද එහිදී මුහුණ පෑමට සිදුවන භීෂනයද සුළුපටු නොවේ. මීට පෙර අවස්තාවක කකුලේ තුවාලයක් ඔඩු දිවීමේ හේතුවෙන් රෝහල්ගත කර තිබියදී පලායෑමට තැත්කල තිස්ස නැමති රැඳවියෙකු නැවත අත් අඩංගුවට පත්වූ පසු ඔහුගේ දෑත්වල සහ දෙපාවල නියපොතු ද දත් කීපයක් ද ගලවා දමා ඔඩු දිවූ තුවාලයටද යමකින් ඇන තවත් පාරා කඳවුර තුලට නැවත ගෙනැවිත් දමා තිබින.

එදා නිරුපද්‍රිතව පැන ගිය ඩයස් සම්බන්දව පසුකාලයේදී සිදුවූ යම් රසවත් කතාවක් ද මෙහි ඇමිනීමට මම කැමැත්තෙමි. ඔහුගේ පැනයාමට වසර ගණනාවකට පසුව මා නිදහස්ව පැමිණි පසු ඔහු මා සොයා පැමිණියේය. ඒ පැමිණියේ යම් ගැටලුවක් ද රැගෙනය. ඒ වනවිට මර්ධනය තුනීවී ගොස් තිබුනද ඔහුගේ රැඳවුම් ඉතිහාසය විපරම් කරන පොලිස් නිලධාරීන් විටින්විට ඔහුගේ නිවසට ඔහු සොයා පැමිණ තිබීම පිළිඹඳ ගැඨළුවයි.

පසුව මේ ගැඨළුව නිරාකරණය කරගැනීමේ අදහසින් මා ඔහුද සමඟ මාතලේ දිස්ත්‍රික්කයේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙත ගියෙමි. එහිදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු සතු කාර්‍ය්බාරය පැහැදිලිකල මා ඔහුට මේ පිළිඹඳව මාතලේ පොලිස් මූලස්තානයෙන් කරුනු විමසා අපට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියේය. එහිදී මන්ත්‍රීවරයා කල විමසීමේදී අපට දැනගන්නට ලැබුනේ අත් අඩංගුවට පත්වූ පසු ප්‍රශ්නකිරීමකදී ඔහුගේ දත් දෙකක් ගැලවීම නිසා ඒ වෙනුවෙන් වූ වන්දි මුදලක් ඔහුට ගෙවිය යුතු බැවින් ඒ මුදල ගෙවීම සඳහා පොලීසිය ඔහු සොයන බවකි ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

පෙර ලිපි –

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan