පාර්ලිමේන්තු කාරක සභාවලින් මන්ත්‍රී විමලවීර ඉවත්වෙයි!

Date:

කොළඹ LNW: පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ සියලුම කමිටුවලින් ඉවත් වී තිබේ.

ඔහු ප්‍රකාශ කළේ කාරක සභාවල යෝජනා සාකච්ඡාවලට පමණක් සීමාවී ඇති බැවින් තමන් එම තීරණය ගත් බවයි. එම කමිටු තුළ යම් යම් මාතෘකා කතා කරනවා හැරෙන්න අවසානයේ දී තීරණ ක්‍රියාත්මක නොවන බව හෙතෙම පැවසුවේය.

මහජන නියෝජිතයකු වශයෙන් තමන්ට කාලය කා දමමින් එහි රැඳී සිටීමේ තේරුමක් නොමැති බවද ඔහු කියාසිටියේය.

ඒ අනුව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදය, තොරතුරු තාක්ෂණය, මානව සම්පත් කළමනාකරණය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල්/ ආයතනවල කළමනාකරණය පිළිබඳ කරුණු විමර්ශනය කිරීම සඳහා වූ රජයේ ගිණුම් පිළිබඳ අනුකාරක සභාව යන කාරක සබහවලින් ඔහු ඉවත්ව තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

හෙට (04) දවසේ කාලගුණය ගැන අවදානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : හෙට දින (04)...

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව(දෙසැම්බර් 02 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 86 🛑 තුවාලකරුවන් සංඛ්‍යාව...