ශම්මිගේ ක්‍රිකට් ගැන අදහසක්

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW:

ආසියාවේ විස්සයි විස්ස සූරියන් ශ්‍රී ලංකාවය.ලෝකයේ පන්දු වාර 50 සූරියන් ඉන්දියාවය.මේ මොහොත වන විට පැවත්වෙන තරගාවලියට අදාළව කණ්ඩායම් දෙකේ තෝම්බුව එහෙම දිග ඇර ගත්තම පහසුය.එයට අනුව මේ කණ්ඩායම දෙක දස්කම්වලින් වැඩි පරතරයක් නොමැති කණ්ඩායම් විය යුතුය.ඒත් ඇත්ත ඊට වඩා වෙනස්ය.විස්සයි විස්ස සූරතාවයෙන් පසුව ශ්‍රී ලංකාව හිටියාට වඩා දුර්වල වී ඇද්ද හෝ නැතිනම් දක්ෂතාවය එක තැන නැවතී ඉන්දියාව විශාල ලෙස දියුණු වී ඇද්ද යන්න කල්පනා කළ යුතුය.


පේන හැටියට ශ්‍රී ලංකාව දුර්වල වී ඇති අතර ඉන්දියාව ද විශාල ලෙස දියුණු වී ඇත.දින්නනෙ නැත්නම් පතුරු ගහන ලංකාවේ ප්‍රේක්ෂකයා ද තව තවත් දුප්පත් වෙමින් තිබෙන බව සමාජ මාධ්‍ය ඔස්සේ පැහැදිළි කර ගන්නට හැකිය.
එක මොහොතක පිරිමි ක්‍රිකට් පැරදිණ.කාන්තා ක්‍රිකට් දිනමින් තිබිණ.පිරිමි ක්‍රිකට් ශම්මිගේ වී කාන්තා ක්‍රිකට් කෙල්ලන්ගේ වී කෙල්ලන් වටේ රොඳ බදින ගුණ වයන සමාජ මාධ්‍ය රාමුවක් හැදිණ.ඒ රාමුවේ පිණුම් ගැසූ සමහර අය අද වන විට කෙල්ලන්ගේ ක්‍රිකට් ද ශම්මිගේ ක්‍රිකට් කර ඇත.


ඇත්තටම දැන් පවතින්නේ ශම්මිගේ ක්‍රිකට් ය.ක්‍රීඩක වැටුප් පහසුකම් නොව සේවක වැටුප් පවා ගෙවා ගැනිමේ අවුලකින් සිටි ක්‍රිකට්වල ඒ මූල්‍යමය ගැටළු විසදී ඇත.පුහුණුවට නවීන තාක්ෂණික උපාංග පැමිණ තිබේ.මේ සියල්ල පහසුකම් ලෙස ගතහොත් ඒවා සියයට සියයකින් පමණ වැඩි වි ඇත.ක්‍රිඩා අමාත්‍යවරයාට යටත් තේරීම් කමිටුවක් විසින් තෝරා දෙන කණ්ඩායමට මෙන්ම සමහර විට තේරීම් කමිටු ඉල්ලා සිටින පහසුකම් සහ වෙනස් කිරීම් ද කිරිමට මූල්‍ය පහසුකම් සපයමින් වැඩ සටහන් හදමින් ක්‍රියා කරන්න වෙන්නේ ක්‍රිකට් පරිපාලනයටය.එතැනින් මෙහා ක්‍රිකට් ආයතනයේ කිසිවෙකුගේ හෝ මැදිහත්විම ඇතුව අහවල් ක්‍රීඩකයා ක්‍රීඩා කරනවා කියා සාක්ෂි සහිතව කිසිවෙකුත් කියා නැත.
සනත් ජයසූරිය පිරිමි කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස පැමිණියේය.තරග කිහිපයක් දිනුවේය.ඔහු මාරය. වෙනස ඔහුගේය.ශම්මිගේ නඩය හෙන අවුල්ය.සනත්ම තීරණය කර සනත්ම පත් නොවුණානම් වැඩේ අන්තිම නරක තත්ත්වයට පත් වේය කියා කීවේය.දැන් සනත්ගේ ක්‍රිකට් යළිත් ශම්මිගේ වී ඇත.


අප සනත්ගේ පැමිණීම සමඟ කෙටි කාලීන බලපෑම මත ජයග්‍රහණය ලැබීම රැක ගැනීමට සනත් පුහුණුකරුවෙකු ලෙස වන න්‍යයාත්මක දැණුමෙන් පෝෂණය විය යුතුය.අප දිනා ඇති ලෝක කුසලාන දිනා ඇත්තේ ජාත්‍යන්තර මට්ටමේ පුහුණු දැණුමට යටත්වය.ඒත් ඒවා එසේ නොවී තමන්ගේ සැළසුම් අනුව සිඳු වූ බව කිව යුතු පිරිස් දේශිය පුහුණුකරුවා.සිය රට දේ සිරි සැප දේ වැනි උද්ධෘත මත පදනම්ව මිස ක්‍රිකට් මත පදනම්ව නොකී කතාවල එල්ලි සනත්ගේ එල්ලී සතුටු වෙන්නට උත්සාහ කළේය.එහෙත් ලෝකය ක්‍රියාත්මක වන්නේ වෙනස් විදිහකටය.දැණුම සහ හැකියාවේ ජාත්‍යන්තර වර්ගපලය තරමට ප්‍රතිපලද පලදායී වනු ඇති බව විශ්වාස කළ යුතුය.තවමත් තමන්ගේ ඔවවේ ඇදුණු පිංතූරයේ සිටින උපාසකයෙකු මිස නිදහස් මිනිසෙකු ලෙස ක්‍රීඩකයා නොසිටිය යුුතු බව විශ්වාස කරන ප්‍රේක්ෂකාගාරයක් ක්‍රීඩකයා කන්න,බොන්න,නිදාගන්න පමණක් නොව සුරතාන්තයට පැමිණීම ද සිඳු විය යුත්තේ තමන්ගේ සීමාව ඇතුළේ බව විශ්වාස කරන්නේය.
මේ උදාවෙමින් තිබෙන්නේ රුමේෂ් රත්නායකට සහ චමරි අතපත්තු ද අදාළ දඟ ගෙයි ලා දඬුවමට ලක් කිරීමට තීරණය කරන මොහොතය.සැබවින්ම දක්ෂතා සහ ජයග්‍රහණ ආදිය කිසිවක් සදාකාලිකව නොපවතින්නේය.බ්‍රෙන්ඩන් මැකලම් විසින් හදුන්වා දුන් සහ ඕ ඔස්සේ වෙනස් වූ එංගලන්ත ක්‍රිකට් ජයග්‍රහණවලට අදාළ වූ පුහුණු ක්‍රමවේද ද එංගලන්ත කණ්ඩායමේ වර්ථමාන තත්ත්වය එක්ක නාය යමින් ඇත.ඒ මැකලම් නැති නිසා නොවේය.මේවා පවත්වා ගෙන යාම ඇත්තේ යහපත් වෙනස්වීම් මතය.ඔරොත්තු දිමේ හැකියාව යාවත්කාලින වීම මත ජයග්‍රහණයන් හී පැවත්ම සහ බිඳ වැටීම සිඳුවනු ඇත.


ඉන්දියාව සමඟ කාන්තා කණ්ඩායමේ පරාජයන් ඇත්තටම ලැජ්ජා සහගතය.ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ හැසිරීමෙන්ද පෙනෙන්නේ ඔවුන්ට කිසිඳු තර්ජනයක් නොවන පූසෙකු ඉදිරියේ මරණ බියෙන දඟළන මි පැටියෙකු සේ ශ්‍රී ලංකාව සළකන බවය.වෘත්තීය මට්ටම සහ ජාත්‍යන්තර මට්ටම යනු මේ පීඩනයෙන් මිදී නිවැරදිව ස්ථාවර වීමට ඉක්මණින් පිවිසීමට ඇති හැකියාවය.ඒත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් එවැන්නක් දැකීමට නොහැකි වීම කණගාටුවට කරුණක්ය.
මෙහිදී ඉමේෂා දුලානි අත්වන්නට තිබුණ පරාජයේ පරිමාව අඩු කර ගනිමින් වැදගත් ඉණිමක් දියත් කිරිමට ඇය සතු හැකියාව පෙන්නා දුන්නාය.එසේම නිමාශා මධුෂානි ද ප්‍රහාරයට ලක් වුව ද හොඳින් පන්දු යැවීමට ඇති හැකියාව පැහැදිළි කළාය.විහේෂයෙන් මේ තරග සංචාරයට නිශ්චිත කඩුලු රකින්නිය ලෙස එක් කර ගත් නෘත්‍යාංගනාට ඒ විශ්වාසය විසින් ලබා දී තිබෙන මානසික ස්ථාවරය මේ තරග තුනේදීම පැහැදිළි කළාය.ශෂිනි ගිම්හානි වුව ද මේ වන විට තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙස දස්කම් දක්වන්නට හැකි මට්ටමට වැඩෙමින් තිබෙන බව ඇයට පන්දුවට පහර දෙන්නට ලැබුණු එකම පන්දුවේදි ගත් උත්සාහය තුළ පැහැදිළි කළ බව විශ්වාස කළ හැකිය.
මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කාරණයක් වන්නේ විසිර සිටින ප්‍රාදේශිය පරිපාලන තමන්ගේ ජාතිකමය වගකීම ක්‍රිකට් වෙනුවෙන් ඉටු කරනවාද යන්න සිතීමේය.වේගයෙන් පන්දුව යැවීමට හැකි ක්‍රීඩකාවන්ගේ හිඟයට විසඳුම් ලෙස සියල්ල අත්හදා බලා ඇද්දයි සැක සහිතය.රත්නපුර සිටින වේගවත්ම පන්දු යවන්නිය වන මෝහන්බාබු සියන්ති වැනි ක්‍රීඩිකාවකට කළාප මට්ටමේ දී ද පන්දු යැවීමට හෝ ඉඩක් නොලැබීම ප්‍රාදේශිය ක්‍රිකට් දේශපාලනය විසින් ඇති කරන නරක තත්ත්වයක්ය.ඒවා අවසානයේ ඇණුම් බැණුම් වී ජාතික මට්ටමේ ක්‍රිකට්වල දුප්පත්කමට හේතු වි ශ්‍රී ලංකා ක්‍රිකට් මත කඩා පාත් වන්නේය.


තරග තුනක පරාජයේදී හොඳම ආරම්භය ලැබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේය.ඒත් අඩුම ලකුණු ගණනට ඉණිම නිමා කරන්නට සිඳු විය.තරගයේ දක්ෂතම ක්‍රිඩිකාව වූ රේණුකා තකූර් සිං ට පළමු ඕවරයේ ලකුණු 12 ක් එල්ල විය.ඒත් ශ්‍රී ලංකා ඉණිම අවසන් වන විට ඇයගේ පන්දු යැවිම සටහන් වූයේ පන්දු ඕවර් 4 නිලකුණු පන්දු ඕවරයයි,ලකුණු 21 යි,කඩුල් 4 යි ලෙස ය.ඒ පළපුරුදු රේණුකාගේ වෘත්තිමය භාවය පෙන් වූ හැටිය.
එසේම ඉහතින් සඳහන් කළ ඉමාෂාගේ පන්දු යැවීම සම්බන්ධ දත්ත කවීශා දිල්හාරි නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අති දක්ෂ පන්දු රකින්නියට පන්දුව ඇදී එන ගමන් මාර්ගය හරියට කියවා ගැනීමට හැකි වූවානම් සපුරා වෙනස් වන්නට තිබිණ.ඒ නිසා මඟ හැරුණු අනුකම්පා විරහිත ප්‍රචණ්ඩ ප්‍රහාරිකාව ෂෆාලි වර්මාගේ උඩ පන්දුව නිසා ඇය තරගය නිමා වන විට පන්දු 42 දී ලකුණු 79 ක් ලබා උන්නාය.එසේ නොවුණානම් ලකුණු 113 වෙනුවෙන් සටනක් දිමට හැකි වන්නට ද ඉඩ තිබිණ.මේ සටහන අගට එකතු වෙන ලකුණු පූවරුව කියවා ගත්තද ඒ කාරණය යම් ආකාරයකට සහතික කර ගන්නට හැකිය.


අලුත් පරම්පරාවක් නිර්මාණය කර ගත යුතුය.සමහර විට ඊ ළඟ තරගයේදී තුන් ඉරියව් මදවේග පන්දු යවන්නි රශ්මිකා සෙව්වන්දි ද අත්හදා බලන්නට ඉඩ ඇත.එසේම මෙහි සඳහන් කර ඇති මෝහන්බාබු සියන්ති වැනි ප්‍රාදේශීය තේරිම් කමිටු තුළින් ගිලිහී යන දක්ෂයන් ආරම්භ විමට නියමිත Women’s NSL T20 2026 තුළ ද දකින්නට නොලැබෙනු ඇත.සමහර විට එවැනි ක්‍රීඩිකාවන් ඉතිහාසයේ පටන් සිඳු වූ ලෙස ලංකාවේ ක්‍රිකට්වලට මඟ හැරුණු සම්පත් ලෙස කිසිවෙකුගේ අවධානයට ලක් නොවී තිබෙන්නට ද ඉඩ ඇත.තේරීම් කමිටුවේ සාමාජිකා රසාංජලිගේ දුවලාට ලැබෙන අවස්ථා කම්කරු පවුලක දියණියක වන සියන්තිලාට ලැබෙන්නේ නැත.කවුරුත් ඔයා ගැන ආරංචියක් තියෙනවා ඇවිත් ටීම් එකේ පුහුණුවට සහය පන්දු යවන්නියක් විදිහ කටයුතු කරන්න පුළුවන්දැයි අසන්නේ නැත.
මේවා ගැන ජාතික තේරීම් කමිටුව තමන්ගේ දරුවන් ගැන හොයන හැටියට සෙවිය යුතුය.මන්ද පත් කර ඇති වගකීම තම දරුවන්ගේ හැකියාවන් පෝෂණය කිරිමට පමණක් අදාළ නොවන,ජාතික ක්‍රිකට් පෝෂණය කිරීමට අදාළ එකක් වන බැවිනි.ඒ නිසා රටේ ක්‍රිකට් ක්‍රීඩා කරන අලුත් පරම්පරාව සියල්ලම තමන්ගේය.


දැනට මෙපමණකි.පැරදුනොත් ශම්මිගේ ක්‍රිකට්ය.දිනුවොත් එය වෙනත් හේතු මත ලද ඒවාය.මේ ක්‍රමය නරක නැත.ඒත් පරදින පරදින වාරයක් පාසා ශම්මි වෙනස් කිරීමට කතා කිරිමට වඩා හොඳ වන්නේ පරාජය වන්නට හේතු වන ක්‍රීඩාමය නොහැකියාව මකා ගැනිමේ සාකච්ඡාව ඉහළට ගෙන ඒමය.එවිට රටේ ක්‍රිකට් දිනන පැත්තට හරවන කතාවේ කොටස්කාරයෙකු වන්නට ඔබට හැකි වෙනු ඇත.
පහතින් දැක්වෙන්නේ රේනුකා තාකූර් සහ ෂෆාලි වර්මා මූලිකත්වය ගනිමින් ශ්‍රී ලංකාව පරාජයට පත් කළ තරගයේ ලකුණු සටහනය.
https://bit.ly/49dsDCy

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” මූල්‍ය ණය සහන ප්‍රදානය “ලෙසින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය...

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

උතුරු කොරියාව හා රුසියාව අතර ‘ලේ’ බැඳීමක් ඇති බව කිම් ජොන් උන් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 27: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: උතුරු කොරියාව...

මූල්‍ය විනය, වෙළඳ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව IMF වෙත සහතික වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...